දේශීය පුවත්

ඊයේ (28) දින වෙළෙඳ අමාත්‍යාංශයේ දී පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසා සිටියේ පාරිභෝගික අධිකාරිය විසින් පනවා තිබු සහල් මිලට අදාළ ගැසට් පත්‍රය අවලංගු කිරීමට කටයුතු කළේ, සද්භාවයෙන් බවයි.

එහිදී අමාත්‍යයවරයා වැඩිදුරටත් පවසා සිටියේ අමාත්‍ය මණ්ඩලය හා රජය එම තීරණය ගනු ලැබුවේ පාරිභෝගිකයා සහ ගොවියා ආරක්ෂා කිරීමේ මුලික පරමාර්ථය ඇතිව බවත් යම් හෙයකින් එම නිදහස භාවිත කරමින් යම් පාර්ශවයක් සහල් මිල වැඩිකිරීමට කටයුතු කරනවා නම්, රජය හා පාරිභෝගික අධිකාරිය වගකීමෙන් යුතුව ඒ සඳහා මැදිහත් වන බවයි.

ඊයේ(28) දින සහල් මෝල් හිමියන්ගේ සංගමය විසින් ප්‍රකාශ කර තිබෙන සහල් මිල ගණන් කිසිසේත්ම සාධාරණීකරණය කළ නොහැකි බව ද අමාත්‍යයවරයා පවසා සිටියේය.

මේ වන විටත් අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ලබාගත් තීන්දුවක් මත සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කිරීමේ මුලික කටයුතු සිදුකර අවසන් බවත් පැවසු ඒ මහතා, ජනතාවට සාධාරණ මිලක ට එම සහල් ලබාදීමට රජය මැදිහත්ව කටයුතු කරන බව ද අවධාරණය කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More