දේශීය පුවත්

අද (28) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මහා පරිමාණ සහල් මෝල් හිමියන් ගේ සංගමයේ සභාපති, ඩඩ්ලි සිරිසේන මහතා සහල් වර්ග තුනක් සඳහා නව සිල්ලර මිල නිවේදනය කිරීමට පියවර ගෙන ඇති බව පවසා සිටියේය.

ඔවුනට අනුව නාඩු සහල් කිලෝවක සිල්ලර මිල රු 115ක්, සම්බා සහල් කිලෝවක් රු 140ක් සහ කිරී සම්බා කිලෝවක් රු 165කට අලෙවි කිරීමට මිල තීරණය කර ඇති බව පැවසේ.

මේ අතර සහල් සඳහා පනවා තිබූ උපරිම සිල්ලර සහ තොග මිල ගණන්වලට අදාළ ගැසට් පත්‍ර අවලංගු කිරීමට ඊයේ (27) කැබිනට් මණ්ඩලය තීරණය කළේය.

මාධ්‍යය සාකච්ඡාවේදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඩඩ්ලි සිරිසේන මහතා,

“සහල් මිළ පිළිබඳ දිගින් දිටම යම් යම් චෝදනා රජයට කළත් රජයට එක ප්‍රශ්නයක් නෙමෙයි ප්‍රශ්න ගණනාවක් ය්හියෙනව. යම් යම් අතපසුවීම් වෙන්න ඇති. ඒ සියල්ල රජය පසුව නිවැරදි කළා. මේ වගේ අනපේක්ෂිත අවස්ථාවකට මුහුණදුන්නට පස්සේ, රජයට නෙමෙයි කාටවුණත් ඒ වගේ තත්ත්වයක් ඇති වෙනවා.”

එහ්ඩී මාධ්‍යයවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිලිතුරු දෙමින් ඩඩ්ලි සිරිසේන මහතා නාඩු වී රු 62.50කට, සම්බා වී රු 70කට හා කිරී සම්බා රු 80කට යන මිල ගණන් යටතේ මිල දී ගැනීමට තීරණය කර ඇතැයි පවසා සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More