දේශීය පුවත්

කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් කර්මාන්ත ක්ෂේත්‍රයට බලපා ඇති ගැටළු රැසක් පිළිබඳව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සමඟ විශේෂ සාකච්ඡාවක නිරත විය.

මෙම සාකච්ඡාව ඊයේ(27) මහ බැංකු පරිශ්‍රයේදී පැවැත්විණි.

මෙහිදී මේ වන විට පනවා ඇති ආනයන සීමා හේතුවෙන් කර්මාන්ත සඳහා අත්‍යවශ්‍ය අමුද්‍රව්‍ය සපයා ගැනීමේදී මතුව ඇති ගැටලු පිළිබඳ සාකච්ඡාවට බඳුන් විය. මීට ඉහත දී කර්මාන්ත අමාත්‍යාංශයේ ඉල්ලීම පරිදි 2001.06.11 දින සිට ආනයන සීමා ඉවත් කළ කර්මාන්ත සඳහා අත්‍යවශ්‍ය අමුද්‍රව්‍ය ගෙන්වා ගැනීමේදී අදාළ කර්මාන්තකරුවනට බැංකු මගින් ණයවර ලිපි විවෘත කරවා ගැනීමට මතුව ඇති ගැටළු පිළිබඳව මෙහිදී අදහස් පළ විය. ඒ සඳහා අවශ්‍ය මැදිහත්වීම සිදු කිරීමට මහ බැංකුව පියවර ගන්නා බව අජිත් නිවාඩ් කබ්රාල් මහතා පැවසීය.

මීට අමතරව ලෝහ ආශ්‍රිත කර්මාන්ත ඇතුළු තවත් කර්මාන්ත කිහිපයකට, තවදුරටත් පවතින ආනයන සීමා හේතුවෙන් අදාළ අමුද්‍රව්‍ය ගෙන්වා ගැනීමට නොහැකිව ඇති බැවින් ඒවා සඳහා ආනයන සීමා ඉවත් කිරීමට මෙහිදී කර්මාන්ත අමාත්‍යාංශය කළ ඉල්ලීමට අදාළ සමාලෝචනයක් සිදු කර අනුමැතිය ලබාදීමට මෙහිදී එකඟතාව පළ විය.

තවද වාහන එකලස් කිරීමේ කර්මාන්ත සඳහා අවශ්‍ය වාහන මූලික ආකෘති (prototypes) ගෙන්වා ගැනීමට මෙරට වාහන ආනයනය සීමා කිරීම හේතුවෙන් බාධා මතුව ඇති බව මෙහිදී කර්මාන්ත අමාත්‍යවරයා පෙන්වා දුන් අතර එම මතුව ඇති බාධාව ඉවත් කිරීමට මහ බැංකුව කඩිනමින් අවශ්‍ය පියවර ගැනීමට නියමිතය.

මෙම සාකච්ඡාවට කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් දයා රත්නායක, අමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී අනුෂ්ක ගුණසිංහ, අතිරේක ලේකම්වරු වන එස්. එල්. නසීර්, රංජිත් විමලසූරිය, ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති උපසේන දිසානායක, මහ බැංකු නියෝජ්‍ය අධිපතිවරු ඇතුළු මහ බැංකු නිලධාරීහු පිරිසක් ද එක්ව සිටියහ.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ,
මාධ්‍ය ලේකම්,
කර්මාන්ත අමාත්‍යාංශය.
2021.09.28



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More