වත්මන් ආණ්ඩුවට එක්වී සිටින සුළු දේශපාලන පක්‍ෂවලට ආණ්ඩුවෙන් ඉවත්ව යෑමට අදහසක් තිබේ නම් ඕනෑම මොහොතක ඔවුන්ට එවැනි තීරණයකට එළඹිය හැකි යැයි අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා පැවසූ බව ජාතික පුවත් පත් සහ අන්තර්ජාල පුවත් වෙබ් අඩවි කිහිපයක් වාර්තා කර තිබේ.
එහිදී එම වාර්තා වැඩිදුරටත් පවසා සිටින්නේ එම පක්ෂ වලට එසේ යෑමට අවශ්‍ය නම් බලහත්කායෙන් රඳවා ගැනීමට තමන්ට කිසි ලෙස අවශ්‍ය නොවන බව අග‍්‍රාමාත්‍යවරයා පැවසූ බවත් කොයි කවුරුන් ගියත් ආණ්ඩුව වැටෙන්නේ නැති බවත් පැවසූ බවයි.
කෙසේ වුවද සුළු පක්‍ෂ ආණ්ඩුවෙන් ඉවත් වනු ඇතැයි සිහින මවන්නේ විපක්‍ෂය බවත් විපක්‍ෂයේ සමහරු සෑම විටම අසුබවාදී ලෙස ආණ්ඩුවේ වැඩකටයුතු ගැන සෙවිල්ලෙන් පසු වන බවත් අග‍්‍රාමාත්‍යවරයා පැවසූ බවද එම මාධ්‍යය වාර්තා පවසා සිටී.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...