දේශීය පුවත්

පොලිස් ආරංචි මාර්ග පවසන්නේ නාරාහේන්පිට පිහිටි ලංකා රෝහලේ වැසිකිලියක බෝම්බය ඇටවූ සැකකරු පුනරුත්ථාපනය වූ එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙකුගෙන් ගිනි අවි සහ පුපුරණ ද්‍රව්‍ය භාවිතය පිළිබදව පුහුණුව ලැබූවෙක් බවයි.

සැකකරු අත්අඩංගුවට ගත් මුල් අවස්ථාවේදී පොලිසියට ප්‍රකාශ කර සිටියේ රෝහලේ කසල ගොඩකින් එම අත් බෝම්බය හමුවූ බවයි.

කෙසේ වුවද වැසිකිලියේ එම බෝම්බය තබා ආරක්ෂක නිලධාරීන්ට එහි බෝම්බයක් ඇතැයි පවසා සිටියේ බෝම්බය සොයා දීම වෙනුවෙන් ප්‍රශංසාවක් සහ ත්‍යාග මුදලක් අපේක්ෂාවෙන් බව මීට පෙර සැකකරු පොලිස් නිලධාරින් හට පවසා තිබුණි.

එහෙත් පොලිස් නිලධාරින්ගේ දීර්ඝ ප්‍රශ්න කිරීම් හමුවේ හෙළිදරව් වූයේ එම බෝම්බය පතොරම් කිහිපයකුත් සමඟ කොළඹ 07 විජේරාම මාවතේ පිහිටි ඇමති නිල නිවසක් අලුත් වැඩියාවකදී එම නිවසේ කාමරයක තිබූ මේස ලාච්චුවකින් හමුවූ බවයි

පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ සැකකරු පවසා සිටියේ බෝම්බය කාල බෝම්බයක් ලෙස අටවා තැබුවේ අන්තර් ජාලයෙන් සහ සඟරාවලින් ලබාගත් දැනුමෙන් බවත් මිතුරෙක් විසින් එම බෝම්බ ඇටවුම කළ බවත්ය.
ඔහුගේ හෙලිදරව් කිරීමට අනුව ත්‍රිකුණාමල උප්පුවේලි ප්‍රදේශයට ගිය කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් කණ්ඩායමක් එම සැකකරුව අත්අඩංගුවට ගනු ලැබීය.

එම සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම් හමුවේ හෙළිවන්නේ පුනරුත්ථාපනය වූ එල්.ටී.ටී.ටී.ඊ. සාමාජිකයෙකු විසින් බෝම්බ පිපිරවීම් සහ ගිනි අවි භාවිතය සම්බන්ධයෙන් ඔහු ඇතුළු පිරිසකට පුහුණුවක් ලබාදුන් බවත් එම පුහුණුව ලැබූවන් අතර රෝහලේ බෝම්බය තැබීම සම්බන්ධයෙන් මුලින් අත්අඩංගුවට ගත් පුද්ගලයාද සිටි බවත්ය.

මේ සම්බන්ධයෙන් කරුණු හෙළිදරව් කරන විමර්ශන නිලධාරින් මාධ්‍යය වෙත පවසා සිටියේ රෝහල් වැසිකිලියේ බෝම්බය තබා ඇත්තේ පුපුරවා හැරීමටම බවයි.

කෙසේ වුවද එම පිපිරවීමේ අරමුණ කුමක්දැයි මෙතෙක් පැහැදිලිවම හෙළිවී නැති අතර ඔවුන්ට ගිනි අවි හා පුපුරණ ද්‍රව්‍ය භාවිතය සම්බන්ධයෙන් පුහුණුව දුන් පුනරුත්ථාපනය වූ එල්.ටී.ටී.ඊ. සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් බොහෝ තොරතුරු හෙළිකර ගැනීමට හැකිවනු ඇතැයි පොලීසිය විශ්වාස කරයි.

දැනට අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් බොහෝ තොරතුරු හෙළිකරමින් ඇති අතර ඒවා ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ඉතා වැදගත් තොරතුරු බව පොලිස් ආරංචි මාර්ග උපුටා දක්වන අන්තර්ජාල වෙබ් අඩවි වාර්තා කර සිටී.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More