දේශීය පුවත්

ඇමෙරිකාවේ “නිව් ෆෝට්‍රස් එනර්ජි” සමාගමට යුගදනවි බලාගාරයේ රජය සතු කොටස් ප‍්‍රමාණයක් විකිණීම සම්බන්ධයෙන් මේ වන විට එම කොටස් විකිනීමට මැදිහත් වුනු පාර්ශව විසින් එය සාධාරණීකරණය කිරීම සඳහා හේතු ඉදිරිපත් කරමින් සිටී. එහිදී ගිවිසුම අත්සන් කිරීමේදී තිබිය යුතු විනිවිදභාවය සහ පවත්වා ගත යුතු නෛතිකභාවය සම්බන්ධ කාරණා දෙකම සාකච්ඡා කළ යුතු බව විද්වතුන්ගේ අදහසයි. කෙසේ වුවද මේ වන විට ගිවිසුම අත්සන් කර අවසන් කර ඇති හෙයින් ගිවිසුම අත්සන් කළ පාර්ශව විසින් යුගදනවි බලාගාරයේ කොටස් විකිණීමෙන් එහි පරිපාලන අයිතිය රජයට අහිමිවීමක්  සිදු නොවන බවට මතයක් සමාජ ගත කරමින් සිටී. මේ සම්බන්ධයෙන් ලංකා විදුලි බල මණ්ඩලයේ ජේෂ්ඨ ඉන්ජිනේරුවන් පිරිසක් ලංකා ලීඩ් වෙත අදහස් දක්වා සිටියා. එහිදී ඔවුන් පවසා සිටියේ,

“රජය මේවනවිට පසුගිය යහපාලන ආණ්ඩුව කළාක් මෙන්ම හොර පාරෙන් රාජ්‍යය දේපල විකිණීම ආරම්භ කරලා.මෙය ඉතාම භයානක ප්‍රවනතාවයක්. එම ප්‍රවනතාවය මේ ආණ්ඩුව බලයට පත් කිරීමට කටයුතු කළ බලවේග ඉවසා දරා සිටිනවා යැයි සිතනවානම් මුලාවක්. ඊළඟට ඔවුන් යුගදනවි බලාගාරයේ කොටස් ඇමෙරිකාවේ “නිව් ෆෝට්‍රස් එනර්ජි” සමාගමට විකිණීමෙන් පසුව පතුරුවන බොරු ගැන කතා කළ යුතුයි. යුගදනවි බලාගාරයේ කොටස් බෙදී යන්නේ මහාභාන්ඩාගාරයට සමස්ත කොටස්වලින් 50%ක්, රජයේ සමාගමක් වන ලෙකෝ සමාගමට සමස්ත කොටස් වලින් 18%ක්, ඊ පී එෆ් අරමුදලට කොටස් 27%ක් සහ එල් ටී එල් හෝල්ඩින්ග්ස් සමාගමට කොටස් 5% ක් ලෙසයි. රජයේ පාර්ශවයෙන් ව්‍යාජ අංක ගණිතය පාඩමක් රටට උගන්වනවා. එම පාඩමට අනුව රජය (මහා භාන්ඩාගාරය ) සතු කොටස් 50%න් 40%ක් ඇමෙරිකාවේ නිව්ෆෝට‍්‍රස් එන්ර්ජි සමාගමට විකිණූ විට එම සමාගමට හිමි වන්නේ සමස්ත කොටස් වලින් 20%ක් පමණක් බවත් ඒ අනුව රජයට (මහා භාන්ඩාගාරය ) සමස්ත කොටස් වලින් 30%ක අයිතිය තිබෙන හෙයින් පරිපාලන බලතල තිබෙන්නේ රජයට යන්න එම පාඩමයි. නමුත් එය විශාල මුසාවක්, රජය විකුණා තිබෙන්නේ යුගදනවි බලාගාරයේ සමස්ත කොටස් වලින් 40%ක්. ඒ අනුව දැන් රජයට හිමිව තිබෙන්නේ බලාගාරයේ සමස්ත කොටස් වලින් 10%ක් පමණයි.සමස්ත කොටස්වලින් වැඩිම අයිතිය හිමි පාර්ශවයට එහි පරිපාලන බලය හිමි වෙනවා.අනෙක් අතට මෙම අමෙරිකානු සමාගමට අනෙකුත් කොටස් හිමියන්ගේ කොටස් තමා වෙත අනාගතයේ නතු කර ගැනීමටද බාධාවක් නැහැ.”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More