දේශීය පුවත්

සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක් ඊයේ (27) පෙරවරුවේ සියම් නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන මහ නාහිමියන් බැහැ දැක විදෙස් ගිවිසුම් සම්බන්ධයෙන් උන්වහන්සේ දැනුවත් කිරීමට පියවර ගත්තේය.එහිදී මහ නාහිමියන් වෙත යුගදනවි විදුලි බලාගාර ගිවිසුම පිළිබඳ දැනුවත් කිරීමේ සංදේශයක් හා කැබිනට් පත්‍රිකාවේ පිටපතක් ද පිරිනැමුහ.
එහිදී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කියා සිටියේ ආණ්ඩුව මේ වනවිට දේපොළ වෙළෙද සමාගමක් බවට පත්ව ඇති බවකි.

සියම් නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ඥානරතන හිමි,
විපක්ෂයේ අදහසත් රට ආරක්ෂා කර ගැනීම ඒ වගේම ආණ්ඩු පක්ෂයේ අදහස විය යුත්තේ රට රැක ගැනීම. මහජනතාව ඡන්දේ දුන්නේ රට ආරක්ෂා කරගන්න තමයි. ජනතාවගේ බලාපොරොත්තුව එයයි. ඊට විරුද්ධව යමක් සිද්ධ වෙනවනම් ඒක වැරදියි කියන එක අපි ප්‍රකාශ කරනවා. ඒ නිසා අපි මේවා පිළිබඳව බුද්ධිමත්ව ආණ්ඩු පක්ෂය හා විපක්ෂය එක්වෙලා සාකච්ජා කරලා රටට විපතක් නොවෙන හැටියට කටයුතු කරනවා නම් හොඳයි කියලා අපි විශේෂයෙන් සඳහන් කරනවා. අපි සංඝ සභාව මේ ගැන සාකච්ඡා කරලා අපි මේ ගැන රජයට දනුම් දීමක් කරනවා.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More