ඉදිරි මාස තුන සඳහා ඉන්ධන ආනයනය කිරීමට අවශ්‍ය ඩොලර් රජය ලබාදෙන බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පැවසීය.
ඒ අනුව මාස තුනක් සඳහා ඉන්ධන ආනයනය අවශ්‍ය කරන අතිවිශාල ඩොලර් ප්‍රමාණය මහ බැංකුවේ ඩොලර් සංචිතයෙන් නිදහස් කරනු ඇති බවත් එසේ වුවහොත් ඩොලර් සංචිතය තව දුරටත් අඩු වනු ඇති බවත් ආර්ථික විශේෂයෝ පවසති.
ඉන්ධන ආනයනය සඳහා ඉන්දියාවෙන් ඩොලර් මිලියන 500 ක ණයක් සහ එක්සත් අරාබි එමිර් රාජ්‍යයෙන් සහනක් රජය බලාපොරොත්තුවෙන් සිටින අතර එවැනි ආකාරයකින් ඉන්ධන මිලදී ගතහොත් එය ආර්ථිකයට බරක් නොවන බවත් ආර්ථික විශේෂයෝ වැඩි දුරටත් පෙන්වා දෙති.
ශ්‍රී ලංකා ඩොලර් සංචිතය බිලියන දෙකක් (කෝටි 200) දක්වා පහළ ගොස් ඇති බවට කියවේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...