රට තුළ ඇති ව තිබෙන ඇමරිකානු ඩොලර් හිගය නිසා ලෝක මල්ලව පොර ශූරතාවලියට සහභාගිවීමට සූදානමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායමට අදාළ ගාස්තු ගෙවා ගැනීමට නොහැකි වී ඇති බව වාර්තා වේ.
ඔවුන්ගේ සංචාරයට අවශ්‍ය මුදල් මේ වන විටත් ශ්‍රී ලංකා මල්ලව පොර සම්මේලනයේ ගිණුමට බැර වී තිබේ.
නමුත් එය ඇමරිකානු ඩොලර් ලෙසින් තරග සංවිධායකයන් ගිණුමට යොමු කළ යුතුව ඇතත් මෙරට අදාල බැංකුව දන්වා ඇත්තේ ඔක්තෝම්බර් පළවෙනිදා වන තෙක් එය ඉටු කිරීමේ අපහසුතා පැන නැගී ඇති බවයි.
ඊට හේතු වී ඇත්තේ දැනට රට තුළ පවතින විදේශ විනිමය හිගතාවයයි.
ලෝක මල්ලවපොර ශූරතාවලියට සහභාගි වීම වෙනුවෙන් ඩොලර් පන්දහස් පන්සීයක් ලෝක සම්මේලනයට ගෙවිය යුතුව ඇති අතර එය ආසන්න වශයෙන් ශ්‍රී ලංකා මුදලින් රුපියල් ලක්ෂ 12ක් පමණ වේ.
ශ්‍රී ලංකා කණ්ඩායම එරටට ළඟා වීමට පෙර මේ මුදල ඔවුන් වෙත යොමු කළ යුතු අතර එසේ කළ නොහැකි වුවොත් ශ්‍රී ලංකා කණ්ඩායමට තරගාවලියට සහභාගි වීමේ දී ගැටලු පැන නැගිය හැකි බව ශ‍්‍රි ලංකා මල්ලව පොර සම්මේලනය සඳහන් කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...