දේශීය පුවත්

ළමා අයිතිවාසිකම් හා සමාජ ආරක්ෂණය තහවුරු කිරීම සඳහා සෑම දරුවෙකුටම උපතේදී ජාතික හැඳුනුම්පත් අංකයක් නිකුත් කිරීම සඳහා වූ යෝජනාවලියක් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කර තිබේ.

දරුවන් හට කොවිඩ් එන්නත් ලබා දීම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් පිහිටවූ තාක්ෂණික කමිටුවේදී එන්නත් ලබාදෙන දරුවන් සඳහා හැඳුනුම්පත් අංකයක් නොමැති වීම පිළිබඳව අවධානය යොමුව ඇත.

පවුල් සෞඛ්‍ය කාර්යංශය මින් පෙර දරුවන් සඳහා උපතේදී ජාතික හැදුනුම්පත් අංකයක් ලබා දීම පිළිබඳව ඉදිරිපත් කළ යෝජනාව පිළිබඳව තාක්ෂණික කමිටුවේ අවධානය යොමු කර තිබේ.

තවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය 2020 දෙසැම්බර් 30 වන දින “නව ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීම සඳහා පත්කළ විශේෂඥ කමිටුව” වෙත යෝජනා කර සිටියේ ළමා අයිතිවාසිකම් තහවුරු කිරීම සඳහා සෑම දරුවෙකුටම උපතේදී ජාතික හැඳුනුම්පත් අංකයක් නිකුත් කරන ලෙසත්, එම අංකය ඇතුලත් හැඳුනුම්පත අවුරුදු 16 දී හෝ ඉන් පෙර ඔවුන්ට ලබා දීමට කටයුතු කරන ලෙසත්ය.

මෙලෙස දරුවන් සඳහා උපතේ දී ජාතික හැඳුනුම්පත් අංකයක් ලබා දීම මගින් ලැබෙන ප්‍රතිලාභ ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පහත කරුණු ඉදිරිපත් කර තිබේ

• මව් රටේ පුරවැසි අයිතිය පිළිබඳ හැඟීමක් දරුවන් තුල ඇති වීම.

• ළමා අපචාර හා ළමා මෙහෙකාර සේවය නිසා දරුවන්ට සිදුවන බලපෑමෙන් ආරක්ෂා කරගත හැකි වීම.

• දරුවන් සඳහා රට පුරා ඒකාකාරී සෞඛ්‍ය සේවාවක් තහවුරු කරන හඳුනාගැනීමේ ක්‍රමවේදයක් ලෙස භාවිතා කිරීම.

• දරුවන්ගේ අධ්‍යාපන හා සමාජයීය අවශ්‍යතා සැපිරීමේදී හඳුනාගැනීමේ රහස්‍ය අංකයක් ලෙස භාවිතා කිරීම.

• සීමිත සම්පත් දරුවන් වෙත ලබා දීමේදී සමානාත්මතාවය තහවුරු කරන ක්‍රමවේදයක් ලෙස භාවිතා කිරීම.(උදා: කොවිඩ් එන්නත්කරණය )



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More