දේශීය පුවත්

ශ්‍රී ලංකාවේ විදුලි බලාගාර සහ ඉන්ධන සැපයුම පිළිබද අයිතිය ඇමෙරිකානු  New Fortress Energy සමාගම වෙත ලබාදීම සදහා අත්සන් කළ බවට පැවසෙන ගිවිසුමට අදාල කැබිනට් තීරණය, අදාල කැබිනට් මණ්ඩලයේදී නිසි ලෙස සාකච්ඡාවට ලක් නොවූ බවත්, නිසි අධ්‍යයනයක් ඒ සම්බන්ධයෙන් සිදු කිරීමට අමාත්‍යවරුන්ට අවස්ථාවක් නොලැබුණු බවත්, එම කැබිනට් පත්‍රිකාව අමාත්‍යවරුන්ට කලින් නොලැබුණු බවත්, අවසානයේ සාකච්ඡා කිරීමකින් තොරවම කැබිනට් තීරණයක් ලෙස සටහන් කර ඇති බවත් ඇමතිවරුන් කිහිප දෙනෙකු විසින්ම විවිධ අවස්ථාවලදී ප්‍රකාශ කර තිබු බැවින් ඒ සම්බන්ධ සත්‍යය, ඊ්ට අදාලව වගකිවයුතු කැබිනට් සාමාජිකයින් වෙතින්ම විමසා සිටීමට වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ පියවර ගෙන ඇත. සියළුම කැබිනට් ඇමතිවරුන් වෙත වෙන වෙනම අමතමින් ලිපියක් යවන එම පෙරමුණ අවධාරණය කරනුයේ මංගල සමරවීර/මලික් සමරවික්‍රම රජය පරදා බහුුජන වරමින් පත්වූ රජයක් මෙවැනිම ආකාරයේ කටයුතුවල නිරත වෙමින් රටේ සම්පත් බැහැරකිරීම(එසේ කර ඇත්නම්) අතිශය මුග්ධ කටයුත්තක් බවයි. බලශත්කි අමාත්‍ය උදය ගම්මන්පිල මහතා වෙත යවා ඇති අදාල ලිපියේ පිටපත සම්පූර්ණයෙන් මෙසේය.

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා
අමාත්‍ය කාර්යාලය
බලශක්ති අමාත්‍යාංශය
අංක 80, ශ්‍රීමත් අර්නස්ට් ද සිල්වා මාවත
කොළඹ 07

ඇමතිතුමනි,

යුගදනවි බලාගාරයේ කොටස් සියයට 40ක් ඇමරිකානු සමාගමකට ලබාදිමට අදාල කැබිනට් තීරණය සම්බන්ධවයි

ඉහත සදහන් ශ්‍රී ලංකාවේ විදුලි බලාගාර සහ ඉන්ධන සැපයුම පිළිබද අයිතිය ඇමෙරිකානු  New Fortress Energy සමාගම වෙත ලබාදීම සදහා අත්සන් කළ බවට පැවසෙන ගිවිසුමට අදාල කැබිනට් තීරණය, අදාල කැබිනට් මණ්ඩලයේදී නිසි ලෙස සාකච්ඡාවට ලක් නොවූ බවත්, නිසි අධ්‍යයනයක් ඒ සම්බන්ධයෙන් සිදු කිරීමට අමාත්‍යවරුන්ට අවස්ථාවක් නොලැබුණු බවත්, එම කැබිනට් පත්‍රිකාව අමාත්‍යවරුන්ට කලින් නොලැබුණු බවත්, අවසානයේ සාකච්ඡා කිරීමකින් තොරවම කැබිනට් තීරණයක් ලෙස සටහන් කර ඇති බවත් ප්‍රකාශ වේ. තවද මෙම ගිවිසුම එදිනම අත්සන් කළ බවත්, මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා විසින් අත්සන්කර කැබිනට් මණ්ඩලය වෙත එවන ලද අදාල ගිවිසුම හුදෙක් අපරානුමතියට(ratification) ලක්කිරීම පමණක් කැබිනට් මණ්ඩලය විසින් සිදුකළ බවටත් අදහස් පළවේ. මේ හා සමාන සිදුවීමක් මීට පෙර සිදුවූයේ මංගල සමරවීර සහ මලික්
සමරවික්‍රම අමාත්‍යවරුන් විසින් සිංගප්පූරු-ශ්‍රී ලංකා නිදහස් වෙළද ගිවිසුම අත්සන් කිරීමේදී ය. ඒ ගිවිසුමට අදාල කැබිනට් තීරණය ද නිසි ලෙස නොගත් කැබිනට් තීරණයක්ය යන්න මේ වන විට ගරු අධිකරණයේ විභාග වෙමින් පවතී. කරුණු මෙසේ තිබියදී සහ මංගල සමරවීර/මලික් සමරවික්‍රම රජය පරදා බහුුජන වරමින් පත්වූ රජයක් විසින් ද මෙවැනිම ආකාරයේ කටයුතුවල නිරත වෙමින් රටේ සම්පත් බැහැරකිරීම(එසේ කර ඇත්නම්) අතිශය මුග්ධ කටයුත්තක් බව අවිවාදිතය. එබැවින් මේ සම්බන්ධයෙන් අවශ්‍ය නිසි පියවර ගැනීම සදහාත්, යම් හෙයකින් එවැනි යමක් සිදුව නොමැත්තේ නම් එකී කරුණ ජනගත කිරීම සදහාත් මේ ලිපියේ පළමු ඡේදයේ සදහන් කරුණු සම්බන්ධයෙන් නියම තත්වය ප්‍රකාශ කරන මෙන්, කැබිනට් මණ්ඩලයේ සාමාජිකයෙකු වශයෙන් සක්‍රියව කටයුතු කරන ඔබෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමු.

මෙයට,
වෘත්තිකයන්ගේ  ජාතික පෙරමුණ වෙනුවෙන්,

ඉංජිනේරු කපිල රේණුක පෙරේරා
ප්‍රධාන ලේකම්



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More