මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනවලට දේශපාලනඥයන්, සිවිල් සංවිධාන හා රාජ්‍ය නිලධාරීන් ඇතුළු නොයෙකුත් බලවත් පුද්ගලයන් දැඩි බලපෑම් එල්ල කිරීම නිසා එම විමර්ශන කටයුතු ක්‍රමවත්ව කඩිනමින් කරගෙන යැමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පවසති.
බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් මේ ආකාරයට බලපෑම් එල්ල වීම නිසා විමර්ශන නිලධාරීන් මෙන්ම අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන් ද දැඩි පීඩනයකට ලක්‌ව සිටින බව ද පොලිස් ආරංචි මාර්ග පවසයි.
මෙ ආකාරයට අනවශ්‍ය බලපෑම් නොකර මෙම විමර්ශන කටයුතු කරගෙන යැමට ඉඩකඩ සලසා දෙන ලෙස අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දේශපාලනඥයන්ගෙන් සහ රාජ්‍ය නිලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.
බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් දේශපාලනඥයන් මෙන්ම විවිධ පුද්ගලයන් විවිධ මත මෙන්ම ප්‍රකාශ කරන බවත් ඒවායෙන් වැඩි ප්‍රමාණයක් අසත්‍ය බවත් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
මහ බැංකුවේ බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් විමර්ශන තමන් ඉතාම සාධාරණව අපක්‍ෂපාතිව සිදු කරන බව පැවසූ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන් ඊට සම්බන්ධ සැකකරුවන් පක්‍ෂ බේද තරාතිරම නොබලා අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවද කියා සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...