දේශීය පුවත්

ඉන්දියාවේ මතභේදයට තුඩුදුන් ගොවිපොළ නීතියට විරෝධය පළ කරමින් පන්ජාබ් සහ හර්යානා ප්‍රාන්තයන්හි සිය ගණනක් ගොවීන් මාර්ග අවහිර කරමින් විරෝධතාවයන්හි නිරත වන බව වාර්තා වේ.

ගොවිපොළ නීතියට විරෝධය පළ කරමින් ගොවීන් පසුගිය නොවැම්බරයේ සිට දිල්ලියේ මායිම්වල කඳවුරු බැඳගෙන සිටින අතර මෙම නීතිය අහෝසි කරන ලෙස බල කරමින් විවිධ විරෝධතාවල ද නියැළිණි.

ඉන්දීය රජය සහ ගොවි සංගම් අතර අවස්ථා කිහිපයකදීම සාකච්ඡා වට පවත්වා ඇති නමුත් ඒවා සාර්ථක නොවූ බව ද වාර්තා වේ.

ඉන්දීය රජය පෙන්වා දෙනුයේ මෙම ගොවිපොළ නීතිය මගින් ගොවියාගේ ආදායම වැඩි කරන බවයි. නමුත් මෙය අසාධාරණ සූරාකෑමක් බව ගොවීන්ගේ මතයයි.

මෙම නීතිය මගින් පෞද්ගලික ගැනුම් කරුවන්ට අනාගත විකිණීම් සඳහා භාණ්ඩ ගබඩා කිරීමට ඉඩ සැලසීම , ගොවිපොළ නිෂ්පාදන විකිණීම, මිල නියම කිරීම සහ ගබඩා කිරීම පිළිබඳ නීති වෙනස් කිරීම ද සිදු වන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More