දේශීය පුවත්

යාල ජාතික වනෝද්‍යානයට ආසන්න වන සංරක්ෂණ පේරක කලාපයේ විශාල භූමි ප්‍රමාණයක් හෙළි පෙහෙළි කරමින් ව්‍යාපාරිකයෙක් විසින් හෝටලයක් ඉදිකරන බවට ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

යාල ජාතික වනෝද්‍යානයට ආසන්න වන සංරක්ෂණ ප්‍රේරක කලාපයේ අක්කර 40ක භූමියක් එළිපෙහෙළි කොට ව්‍යාපාරිකයෙකු විසින් කබානා ඉදිකරමින් සිටින බවට වාර්තා විය.

ඉදිකිරීම් කටයුතු හේතුවෙන් ගම්වාසීන් වගාකටයුතු සඳහා ජලය ලබාගන්නා සියඹලගස්වැවට ජලය සැපයීම නතර වී තිබීම හේතුවෙන් මේ වනවිට ගොවීන් ද ගැටලු රැසකට මුහුණ දී සිටී.

හේන් ගොවීන්ට වගා කටයුතු සඳහා ද දැඩි නීති පනවා ඇති පසුබිමක වන සංරක්ෂණ නිලධාරීන්ගේ ඇස නොගැටී දැවැන්ත ගස් මුලින් ගලවා එහි දැව ද යොදා ගනිමින් කබානා ඉදිකර තිබෙන්නේ කෙසේදැයි ගම්වාසීන් ප්‍රශ්න කරයි.

“අපේ අත්තලා මුත්තලා කාලේ ඉඳලා මේකේ හේන් කරගෙන ජීවත් වුණේ. අපි‌ට නීති දාලා තියෙන්නේ අඩි 5කට වැඩිය උස ගහක්වත් කපන්න එපා කියලා. හේන්වලට අවශ්‍ය පැලක් හදාගන්නවත් ලේසි වුණේ නෑ. එහෙම තියෙද්දි තමයි සල්ලිකාරයෝ ඇවිත් මෙහෙම කරන්නේ.” යැයි ගම්වාසීන් පැවසීය.

මේ සම්බන්ධයෙන් හම්බන්තොට වන සංරක්ෂණ අඩවි සහකාර නිලධාරිවරයාගෙන් අප කළ විමසීමකදී ඔහු කියා සිටියේ, “ඔය සිද්ධිය මට වාර්තා වෙන්නේ දැන්. සොයා බැලීමක් කරන්නම්. මාසෙකට ඉස්සෙල්ලා ඔය සිද්ධියක් වෙලා තිබුණේ නෑ.”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More