දේශීය පුවත්

කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ මහාභාණ්ඩගාරය සතු කොටස් හුවමාරුවට අදාළ එක`ගතා ගිවිසුමට අත්සන් කළා මිස අනෙකුත් කිසිදු කරුණක් සඳහා අවසන් එක`ගතාවක් ඇතිකර ගෙන නැතැයි මුදල් අමාත්‍යාංශ ලේකම් එස් ආර්. ආටිගල මහතා පැවසීය.

එසේම කොටස් ප‍්‍රමාණයට අදාළ මුදල රජයට ලැබී හෝ අදාළ කොටස් ප‍්‍රමාණය ඇමෙරිකානු සමාගමට පැවරීමක් හෝ සිදුකර නොමැති බවද මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා කීවේය.

ඇමෙරිකාවේ නිව්ෆෝට‍්‍රස් එන්ර්ජි සමාගම සමග මේ කොටස් පැවරීමේ එකගතාව ඇති කරගෙන තිබේ. යුගදනවි බලාගාරයේ රජය සතු සියයට 40 ක කොටස් ප‍්‍රමාණයක් වෙනුවෙන් මේ එක`ගතාව ඇති කරගෙන තිබේ. මේ සඳහා තවත් අවශ්‍යතා කිහිපයක් ඉටු කළ යුතුව ඇති බවද ආටිගල මහතා කීවේය.

මේ කොටස් ප‍්‍රමාණය කාගේ අතේ තිබුණත් තවත් වසර 14 කින් එනම් වර්ෂ 2035 දී ලංකා විදුලිබල මණ්ඩලයට හිමිවන බවද ආටිගල මහතා පෙන්වා දුන්නේය.

මේ කොටස් හුවමාරුව සඳහා ඉටු කළ යුතු අනෙක් අවශ්‍යතා ඉටු කිරීමෙන් පසු ඊට අදාළ මුදල් සහ කොටස් හුවමාරුව ඉදිරි මස එකහමාර තුළ සිදුවනු ඇති බවද ආටිගල මහතා කීවේය.

මේ එකගතාව රටට වාසිදායක එකක් බවද 2023 ජනවාරි පමණ වන විට මේ බලාගාරය එල්. එන්. ජී. වලට හරවා ගැනීමට හැකි වුවහොත් මෙගවොට් 350 ක ධාරිතාව ඇතුළත් කළ හැකිවනු ඇති බවද එසේම අදාළ මෙගාවොට් 650 කටම එල්.එන්.ජී. දීමට හැකි වුවහොත් සැලකිය යුතු ලෙස රටේ විදුලි උත්පාදන පිරිවැය අඩු වනු ඇති බවද මුදල් අමාත්‍යාංශ ලේකම් එස්. ආර්. ආටිගල මහතා තවදුරටත් පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More