දේශීය පුවත්

අන්තර්ජාලයට පිවිසීම සඳහා Chrome බ්‍රවුසරය භාවිතා කරන්නන් ප්‍රවේශම් වන ලෙස ගූගල් සමාගම අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.

ගූගල් බ්‍රව්සරයට ප්‍රහාර වැඩි වන බවට මීට දින කිහිපයකට පෙර සිට අනතුරු ඇඟවීම් කර තිබූ අතර සිකුරාදා ගූගල් නව බ්ලොග් සටහනකින් මෙම ප්‍රවෘත්තිය ප්‍රකාශයට පත් කරමින් තීරණාත්මක හැක් කිරීමක් තහවුරු කර තිබේ.

ලිනක්ස් (Linux), මැක් (Mac) සහ වින්ඩෝස් (Windows) ඩෙස්ක්ටොප් පරිගණක භාවිතා කරන්නන් සියල්ලන්ට මෙම ගැටලුව බලපායි.

බ්‍රවුසරයේ මතක ගබඩාව තුළින් තොරතුරු සොරාගැනීම මෙම හැක් කිරීමේදී සිදුවිය හැකි බවත් යමෙකු වෙබ් අඩවියක් නරඹා අවසන් වූ පසුත් ඉතිරි කරන කොටස් ‘සූරාකෑමක්‘ ලෙස මෙය හැඳින්විය හැකි බවත් අදාළ සටහනින් දන්වා ඇත.

මේ සඳහා කළ හැකි හොඳම ආරක්ෂිත ක්‍රමය බ්‍රවුසරය යාවත් කාල කරගැනීම බව ගූගල් දන්වා සිටින අතර ඔබේ Chrome අනුවාදය 94.0.4606.61 හෝ ඊට වැඩි නම් ඔබ ආරක්ෂිතයි යනුවෙන් සටහන් කර ඇත.

Chrome බ්‍රවුසරය හඳුන්වාදී 11 වන වසර සැමරීමේ ‘ශුන්‍ය දිනය (Zero-Day)’ මෙලෙස සොරකමකට යොදා ගෙන ඇති බවත් (CVE-2021-37973) ලෙස එම අඩුපාඩුව ගූගල් සකස් කරන්නට පෙර හැකර්වරුන් අතට පත්ව ඇති බවත් පවසා ඇත.

පරිශීලකයින් ආරක්ෂා කිරීමට සහ වැඩි දියුණු කිරීමට කාලය ලබා දීමට උත්සාහ කරමින් ගූගල් මෙම දෝෂය වැඩිපුර විස්තර නොකරන බවද අනතුරු ඇඟවීම් නිවේදනයේ දන්වා ඇත



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More