දේශීය පුවත්

ජීඑස්පී ප්ලස් සහනය ලබාදීමට ශ‍්‍රී ලංකාවේ පවත්නා තත්ත්වයන් සුදුසු වන්නේ ද යන්න පරීක්ෂා කිරීම සඳහා යුරෝපා සංගමයේ නියෝජිත පිරිසක් අද (27දා) ශ‍්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

ශ‍්‍රී ලංකාවේ මිනිස් අයිතිවාසිකම් සහ කම්කරු අයිතිවාසිකම්, පරිසරය ආරක්ෂා කිරීමට ගෙන ඇති පියවර සහ යහපාලනයේ තත්ත්වය පිළිබඳව නිරීක්ෂණය කිරීම ඉහත සඳහන් නියෝජිත පිරිසේ අරමුණ වන අතර ඔවුන්ගේ නිර්දේශයන් මත ශ‍්‍රී ලංකාවට ජීඑස්පී සහනය ලබාදීම හෝ නොදීම තීරණය වනු ඇත.

මෙම නියෝජිත පිරිස ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත පිළිබඳව දැඩි ලෙස විමසා බැලීමට නියමිතය. ජීඑස්පී ප්ලස් සහනය තවදුරටත් ලබාදීමට නම් ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉවත් කරන ලෙස යුරෝපා සංගමය කල් තබාම ලක් රජයට යෝජනා කර තිබුණි. ජීඑස්පී සහනය ලැබෙන රටවල පවත්නා මිනිස් අයිතිවාසිකම්, කම්කරු අයිතිවාසිකම් සහ පාරිසරික සුරක්ෂිතතා පියවර ගැන යුරෝපා සංගමය දැඩි අවධානයෙන් පසුවන අතර සෑම අවුරුදු 2 ට වරක්ම ඒ පිළිබඳ විගණනයක් කිරීම සඳහා අදාළ රටවලට පැමිණෙති.

ශ‍්‍රී ලංකාව 2021 මාර්තු මාසයේදී ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ විවිධ සංවිධාන 11 ක් තහනම් කර ඇත. එම තහනමට ප‍්‍රධාන හේතුව වූයේ අදාළ සංවිධාන ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන බව රජයට පෙනීගොස් තිබීමයි. ඒ අනුව එම පනත ඉවත් කළයුතු බවට යුරෝපා සංගම් පාර්ලිමේන්තුවට යෝජනාවක් ද ගෙන එන ලදී. එහෙත් එම පනත ඉවත් කිරීමට ශ‍්‍රී ලංකාව තවමත් පියවර ගෙන නැත



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More