දේශීය පුවත්

සේරුවිල මංගල රාජමහා විහාරස්ථානයේ පරිපාලන කටයුතු වලට මැදිහත් නොවන ලෙස ඉල්ලමින් කොළඹ දිසා අධිකරණයේ නඩු අංක 145/2021 DSP දරණ නඩුව මගින් ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක අමරපුර ශ්‍රී කල්‍යාණිවංශ නිකායේ මහා නායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය දොඩම්පහල චන්දසිරි සමිඳ්‍රයාණන් වහන්සේ ප්‍රධාන කොට ඇති තවත් විත්තිකරුවන් පිරිසකට පනවා තිබූ වාරණ නියෝගය ඉවත් කර ඇත. විහාරස්ථානයේ බලහත්කාරයෙන් රැඳී සිටින අලුදෙණියේ අලුදෙණියේ සුබෝධ භික්ෂුව සහ තවත් පිරිසක් ලෙසින් විසින් මෙම නඩුව කොළඹ දිසා දිසා අධිකරණය ගොනු කර තිබිණ.

අතිපූජ්‍ය දොඩම්පහල චන්දසිරි මහා නාහිමිපාණන් වහන්සේට පණවා තිබූ වාරණය වාරණ නියෝගය ඉවත් කර ඇති බව 2021.09.25 දින කළපළුවාව ගෝතම තපෝවනය දී පැවති අමරපුර ශ්‍රී කල්‍යාණිවංශ නිකායේ විධායක සභාවේ දී කරුණු ඉදිරිපත් කෙරිණි. මේ පිළිබඳව මහජනතාව දැනුවත් කළ යුතු යැයි අප සංඝ සභාවේ අදහස වූයේ එදින විද්‍යුත් නාලිකාවලට මාධ්‍ය නිවේදනය ප්‍රකාශයට පත් කළ අතර අද දින ඒ සම්බන්ධයෙන් පුවත්පත් නිවේදනය මෙසේ සිදු කරමි.

ඓතිහාසික සේරුවිල සේරුවිල මංගල රජමහා විහාරස්ථානය සම්බන්ධයෙන් මෙතෙක් කලක් යමක් ප්‍රකාශ කිරීමට නොහැකි වූයේ මා හට වාරණ නියෝගයක් පනවා තිබූ නිසයි .මේ වන විට එය ඉවත් කර තිබෙනවා. ඓතිහාසික සේරුවිල මංගල රජමහා විහාරය අමරපුර ශ්‍රී කල්‍යාණිවංශ නිකායට අයත් ප්‍රධාන ප්‍රධානතම පූජනීය ස්ථානයක් මෙම ස්ථානය කිසිලෙසකින්වත් අසපුවාසීන්ට ලබාදීමට අප නිකාය සූදානම් නෑ. ගිහියන් පිරිසකට එකතු වී මෙවන් ඓතිහාසික සිද්ධස්ථානයක විහාරාධිපති වරු පත් කරන්න කිසිදු බලයක් නෑ .මේ රටේ ත්‍රෛනිකායික මහනායක ස්වාමීන් වහන්සේලාට පමණයි විහාරස්ථානයකට විහාරාධිපති ධුරය පත් කිරීමේ බලය තිබෙන්නේ.

පසුගිය කාලයේදී මෙම විහාරස්ථානය සම්බන්ධයෙන් විවිධ වාර්තා මාධ්‍ය තුළින් පළ වුණා. මේ වන විට සේරුවිල බලහත්කාරයෙන් අල්ලාගෙන සිටින අසපුවාසී භික්ෂු පිරිස ප්‍රචාරයක් ගෙනියනවා සේරුවිල අසපුවේ ප්‍රවේණිගත උරුමය එයට විරුද්ධ විරුද්ධව උසාවි ගොස් ඇත්තේ නිකාය සහ පිච්ච මල් පූජාවේ හාමුදුරුවෝ කියලා. මේක අමූලික බොරුවක්. කොළඹ දිසා අධිකරණයේ අංක දරන 145/2021 DSP නඩුව පැවරුවේ අළුදෙනිලුදෙනියේ සුබෝධි  භික්ෂුව ඇතුළු පිරිසක් නිකාය සහ අනෙක් පාර්ශවය විත්තිකරුව ඒ නිසා පොදු මහජනතාව දැනගත යුතුයි මේ වාසීන් කරන ප්‍රෝඩාව.

සේරුවිල මංගල රජමහා විහාරස්ථානය මේ වනවිට අලුදෙණියේ සුබෝධ භික්ෂුව ඇතුළු කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ගේ අසපුවාසී අල්ලාගෙනයි සිටින්නේ. මෙහි මහ මොළකරු හා කිරිබත්ගොඩ හිමියන් තිරය පිටුපස සිටින මේ සියල්ල මෙහෙය වන්නේ උන්වහන්සේ. මේ රටේ දේශපාලන අධිකාරියේ සිට අහිංසක දායකයා දක්වා සේරුවිල සම්බන්ධයෙන් ප්‍රතිචාරය කර හරින්නේ ව්‍යාජ තොරතුරු ඒ නිසා මහජනතාව තේරුම් ගත යුතුයි සේරුවිල පුද බිමේ වර්තමාන විහාරාධිපතීන් වහන්සේ පූජ්‍ය කොටපොල අමරකිත්ති සහ මෙන් මේ බව තවදුරටත් අත්තනෝමතික ලෙස නිකාය සම්ප්‍රදායන් උල්ලංඝනය කරමින් හැසිරෙන්න අසපු වාසීන්ට ඉඩ දෙන්නෙ නෑ.
https://www.facebook.com/LankaLeadNews/videos/976266766263239



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More