දේශීය පුවත්

පාසල් විවෘත කළ ද තම වැටුප් ගැටලුව විසඳන තුරු ඉගැන්වීම් කටයුතු සඳහා ගුරුවරු සහභාගී වන්නේ නැතැයි ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය කියා සිටියි.

දැනටමත් මාර්ගගත ඉගැන්වීම්වලින් තම සංගම් නියෝජිතයන් ඉවත් වී සිටින බවද එම සන්ධානය සඳහන් කළහ.

පාසල් ඇරඹීමට හෝ විභාග පැවැත්වීමට පෙර රජය තම ගැටලුව විසඳීමට කටයුතු කළ යුතු බවත් එම සන්ධානයේ නායකයන් කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී කියා සිටියහ.

මෙම ප්‍රශ්නය සාකච්ඡා කර විසඳුමක් ලබා නොදුනහොත් දැවැන්ත තීන්දුවක් ගන්නා බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා එහිදී සඳහන් කළේය

මේ අතර පාසල් නැවත විවෘත කිරීම සහ පවත්වාගෙන යාමට සියලු දරුවන් එන්නත්කරණය අත්‍යවශ්‍ය සාධකයක් නොවන බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය මහාචාර්ය පූජිත වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

ජනාධිපති මාධ්‍ය මධ්‍යස්ථානයේදී පැවති සාකච්ඡාවක් අමතමින් ඔහු මේ බව පැවසීය.

බ්‍රිතාන්‍ය ළමා රෝග පිළිබඳ රාජකීය සංගමය වාර්තාවක් උපුටමින් ඔහු කියා සිටියේ එන්නත්කරනය යනු රිදී උණ්ඩයක් නොවන බවත් ඒ හරහා සම්පූර්ණයෙන්ම දරුවන්ගේ රෝගී තත්ත්වයන් සමනය නොවන බවත්ය.

ලෝක සෞඛ්‍ය සංවිධානය ද වයස අවුරුදු දොළහට අඩු දරුවන් එන්නත්කරනය අනුමත කොට නැතැයි ද ඔහු එහිදී කියා සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More