දේශීය පුවත්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම සහ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතර පැවැත්වීමට සැලසුම් කර තිබුණු සාකච්ඡාවක් අවලංගු කර තිබේ.

මෙම රැස්වීම් සාකච්ඡාව පැත්වීමට සූදානම් කර තිබුණේ පැජට් පාරේ පිහිටි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිල නිවසේදී ඊයේ පස්වරුවේ ය.

නමුත් එම සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම නොපැමිණීම හේතුවෙන් එය අවලංගු කිරීමට කටයුතු කර තිබේ.

යුගදනවි බලාගාර ඇමරිකාවට ලබා දීමට අදාළ ගිවිසුම සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කිරීමට නියමිතව තිබුණි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ගේ අදහස වී ඇත්තේ අග්‍රාමාත්‍යවරයා සමග කළ සාකච්චාවෙන් පසු ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවක් ලබා ගැනීමයි.

යුගදනවු බලාගාර ගිවිසුමට පක්‍ෂයක් ලෙස විරෝධය පල කරන බව එම පක්‍ෂය විසින් මෑතකදී දන්වනු ලැබීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More