ප‍්‍රධාන පුවත්

අර්ජුන ඇලෝසියස්ගෙන් මුදල් ලබාගත් පුද්ගලයින් සම්බන්ධයෙන් කිසිඳු පැමිණිල්ලක් මේ වන තෙක් ලැබී නොමැති බව අල්ලස් හා දූෂණ විමර්ෂණ කොමිසමේ කොමසාරිස් සී. නෙවිල් ගුරුගේ මහතා පවසයි.

ඊයේ (09) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කොමසාරිස්වරයා මේ බව ප්‍රකාශ කළේය.

ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ලැබුණ හොත් ඒ සම්බන්ධයෙන් විමර්ෂණ කටයුතු සිදුකරන බවයි.

කෙසේ නමුත් අර්ජුන් ඇලෝසියස්ගෙන් මුදල් ලබාගත් 118 දෙනෙකු සිටින බව ප්‍රකාශ වී ඇති මොහොතක මේ වන විට අනාවරණය වී ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනෙකු සහ අර්ජුන් මහේද්‍රන් මහතා පමණි.

අල්ලස් කොමිසමේ සභාපතිවරයා එලෙස පැවසුවද මුදල් ලබාගත් මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත්කළ පුද්ගලයෙකු පිළිබඳ වාර්තා විය.

මෙලෙස පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්තේ ඩී.ඩී.ඩබ්ලිව්. චන්ද්‍රදේව නැමති පුද්ගලයෙකු විසින් වන අතර ඔහු පවසන ආකාරයට ඔහු විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්තේ පසුගිය මස 28 වනදායි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More