දේශීය පුවත්

විදේශ රැකියාවන්හි නිරතව ශ්‍රී ලංකාවට පැමිණෙන විගමනික ශ්‍රමිකයන්ට ගුවන් තොටුපොළේ සිදුකෙරෙන PCR පරීක්ෂණ සඳහා වැය වන මුදල් විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් ගෙවීමට කටයුතු කරන බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ මේ සම්බන්ධව අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවකදීය.

සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග ,විදේශ රැකියා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්න යන මහත්වරුන් ද ගුවන්තොටුපල සේවා සමාගම,යුද හමුදාව,විදේශ නියුක්ති කාර්යාංශය යන ආයතන වල ද නිලධාරීහු ද මෙම සාකච්ඡාවට එක් වූහ.

මෙහි දී අදහස් දක්වමින් කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ප්‍රකාශ කළේ, විදේශගතව රැකියාවල නිරත වෙමින් සිට අපේ රටට විදේශ විනිමය උපයා දුන් මෙම රට විරුවන්ට අදාල PCR පරීක්ෂණ සිදු කිරීම ගුවන්තොටුපල පරිශ්‍රයේ පිහිට වූ නව රසායනාගාරයේ දී සිදුකිරීමට නියමිතයි .

මෙම විගමනික ශ්‍රමිකයන්ට ඔවුන් කළ සේවයට කරන ගරු කිරීමක් ලෙස සලකා මෙම PCR පරීක්ෂණ සඳහා වන ඩොලර් 40 ක මුදල විදෙස් සේවා නියුක්ති කාර්යංශය විසින් ගෙවීමට තීරණය කළ බව ද අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙහිදී පැවසීය.

මෙහි දී අදහස් දැක්වූ සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේ ,මෙම PCR පරීක්ෂණයක් කර පැය තුනක් වැනි කෙටි කාලයක් තුල මෙම රටවිරුවන්ට සිය නිවෙස් බලා යාමට අවස්ථාව සලසා දීම මෙම වැඩ පිළිවෙළේ ප්‍රධාන අරමුණ බවය.

සම්පූර්ණ එන්නත් එන්නත්කරණයට ලක් වූ විගමණික ශ්‍රමිකයන් මෙම පරීක්ෂණයේදී ආසාදිත නොවන්නේ නම් ඔවුන්ට සිය නිවෙස් බලා යාමට අවස්ථාව සැලසෙන බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා වැඩි දුරටත් පැවසීය.

රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න මහතා ප්‍රකාශ කළේ , මැදපෙරදිග හා කොරියාවේ රැකියා සදහා ගිය ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් වෙනුවෙන් මෙහි දී විශේෂ අවධානයක් යොමු කරමින් මෙම සහන සැලසීම ක්‍රියාත්මක කරන බව ය .

මෙම අවස්ථාවට කම්කරු අමාත්‍යාංශයේ ලේකම් පතිරණ මහතා,විදෙස් සේවා නියුක්ති කාර්යංශයේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් මහින්ද හතුරුසිංහ මහතා ,ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමේ උප සභාපති රජීව සූරියාරච්චි මහතා ද එක් වූහ



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More