දියර කිරි ප්‍රචලිත කිරීමේ මුවාවෙන් මිල්කෝ සභාපතිවරයා පිටරට කිරිපිටිවලට වෙළඳපළ හදන බව ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තොන්නකෝන් මහතා පවසයි. රජයට අයත් මිල්කෝ සමාගම පිටරට කිරිපිටි ආනයනකරුවන්ට වෙළදපල සැදීම සඳහා හයිලන්ඩ් කිරිපිටි නිශ්පාදනය අඩුකර වෙනත් ලාභදායී රසකළ කිරිවර්ග, යෝගට් සහ අයිස්ක්‍රීම් වලට ප්‍රමුඛතාවය ලබාදී ඇතැයි ඔහු කියයි.
නමුත් ශ්‍රී ලංකවේ දියරකිරි නිෂ්පාදනය 15%ක මට්ටමේ පවතින නිසා දියරකිරි බයිලාව කියමින් පිටරට කිරි ප්‍රචලිත කළ හැකි බැවින් දියර කිරි ප්‍රචලිත කිරීමේ ව්‍යාජ ප්‍රචාර පවත්වාගෙන යාමට එම සමාගමේ මුදල් වැය කරන බවද ඔහු කියයි. ඊට හේතුව එමගින් ආනයනික කිරිපිටි වෙළදපල ආරක්ෂා වන බව ඉතා පැහැදිලි. බව ද ඔහු පවසයි. ඔහුට අනුව කළ යුත්තේ අනාගතයේදී දියර කිරි භාවිතය වැඩිවන තෙක් දේශිය කිරිපිටි නිෂ්පාදනය වැඩි කරමින් මෙරට කිරි වෙළදපළ සීමා කිරීමය. කිරි ගොවියාට ලීටරයට රු. 100.00ක් ගොවිය හැක්කේ ඒ් මගින් පමණක් බවද ඔහු පවසයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...