විෂ මත්ද්‍රව්‍ය ජාවාරම ඉතා තදින් මුලබැස ඇති සමයක, ඊට එරෙහිව කටයුතු කිරීම වෙනුවෙන් මහජනතාවගෙන් වැටුප් ලබන පොලිස් නිළධාරීන් තම ග්‍රහණයට නතුකර ගැනීමට තරම් එය පෙරට විත් ඇති පසුබිමක, මත්ද්‍රව්‍ය මර්ධනය කිරීමට සිටින පොලිස් නිළධාරීන් අලෙවි කිරීමට කටයුතු කර අත්අඩංගුවේ පසුවන් අවස්ථාවක, ඔත්තු සපයන ගම්වාසීන් පොලිස් නිළධාරීන් විසින්ම ජාවාරම් කාරයන් අතට පාවාදීමට කටයුතු කරන පසුබිමක මත්ද්‍රව්‍ය වසංගතය තුරන්කිරීමට කැපවීමෙන් කටයුතු කරන වසන්ත කුමාර වැනි නිළධාරීන්ට ශක්තියක් වීම බලධාරීන්ගේ වගකීම බව රාජ්‍ය ඇමති ජයන්ත සමරවීර ප්‍රකාශ පවසයි.
අමාත්‍යවරයා මෙලෙස ප්‍රකාශ කළේ පසුගිය 20 දා රාජගිරිය ඔබේසේකරපුර ප්‍රදේශයේ මත් ජාවාරම්කරුවකු අත්තඩංගුවට ගැනීම සඳහා ධාවනයවන මෝටර් රථයක් ඉදිරියට පැන එය නැවැත්වීමට කටයුතු කළ අවස්ථාවේදී අනතුරකට ලක් වූ නුගේගොඩ දූෂණ මර්ධන ඒකකයේ සැරයන් වසන්ත කුමාරගේ සුවදුක් බැලීම සඳහා ඊයේ දින 24 ඒ මහතාගේ නිවසට ගිය අවස්ථාවේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...