පාසල් විවෘත කිරීමෙන් පසු ප්‍රාථමික අංශයේ සිසුන් සහ පෙර පාසල් දරුවන් ප්‍රවාහනය කිරීම සඳහා විශේෂ ප්‍රවාහන සේවාවක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා.
සහයකයන් ලෙස කොන්දොස්තරවරුන් වෙනුවට ගුරුවරුන් සහ පෙර පාසල් පාලිකාවන් යොදා ගනිමින් එම විශේෂ ප්‍රවාහන සේවාව ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ.
එමෙන්ම පාසල් දරුවන් ප්‍රවාහනය කරන පෞද්ගලික රථ ලියාපදිංචි කිරීමේ වැඩපිලිවලක්ද ආරම්භ කෙරෙන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
මහනුවර ප්‍රදේශයේදී ඊයේ (24) මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...