වහාම ක්‍රියාත්මක වන පරිදි දිවයින පුරා නීති විරෝධී පළිබෝධක නාශක සොයා මෙහෙයුම් සිදු කරන ලෙස පළිබෝධනාශක රෙජිස්ට්‍රාර් විසින් නියෝග කර ඇත.
මෙම මෙහෙයුම ආරම්භවී ඇත්තේ, හිටපු ආණ්ඩුකාර රජිත් කිර්ති තෙන්නකෝන් විසින් ‘බෝට්ටු මගින් රටට නිති විරෝධී පළිබෝධක නාශක රැගෙන එන බවට සිදුකළ අනාවරණයෙන් පසුවය.
රජයේ අනුග්‍රහයෙන් බෝට්ටු පළිබෝධක නාශක කළු කඩයේ අලෙවි කරන බව ඔහු සාක්ෂි සහිතව අනාවරණය කර තිබුනේ සමාජ මාධ්‍ය වෙත වීඩියෝවක් ද මුදාහරිමිනි.
එයට වහා ප්‍රතිචාර දක්වා ඇති පළිබෝධක නාශක රෙජිස්ට්‍රාර් 1980 අංක 33 දරණ පිළිබෝධනාශක පාලනය කිරීමේ පනත යටතේ සියළුම බලයලත් නිලධාරීවරුන්, සියලුම නඩු පැවරීමේ නිලධාරි හා නඩු කටයුතු මෙහෙයවීමේ නිලධාරීන් වෙත නඩු පැවරීම සඳහා නියෝග නිකුත් කර ඇත.
”කාබනික වගාව සාර්ථකයි කියා රට-ලෝකය රවට්ටන්න, රජය බෝට්ටු කෘෂි රසායන ජාවාරමකට අනුග්‍රහය ලබා දෙනවා. ලියාපදිංචි කඩවල්වල කෘෂි රසායනය නෑ. හැබැයි, මහ ගස් පවා මරණ, පසට ඇසිඩ් ගැහුවා වගේ පිච්චෙන ‘බෝට්ටු බඩු වල් බෙහෙත්‘ ඕනී තරම් තියෙනවා” යැයි හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් සැප්. 23 පවසා තිබුණි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...