ඉදිරියේ දී වයස අවුරුදු 50ට වැඩි සියලු පුද්ගලයින්ට කොවිඩ් එන්නතේ තෙවන මාත්‍රාවක් හෙවත් බූස්ටර් එන්නතක් ලබාදීමට සිදුවනු ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප්‍රතිජීව විද්‍යා හා අනුක විද්‍යා අධ්‍යයන අංශය පෙන්වා දෙයි.
එහි ප්‍රධානී, මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය ඒ බව පැවසුවාය.
“සයිනොෆාම් එන්නත ලබාදුන් තරුණ අයට බූස්ටර් එන්නත් මාත්‍රාවක් අවශ්‍යයි කියලා මම හිතන්නේ නෑ. ඒ වුණාට 50ට වැඩි අයට මොන එන්නත ලබාගෙන තිබුණත් බූස්ටර් එන්නතක් දෙන එක හොඳයි කියලා ලෝකයේ තියෙන දත්තවල හැටියට හිතෙනවා.”
ඒ අනුව ඇය වැඩිදුරටත් පෙන්වාදෙන්නේ වයස අවුරුදු 50ට අඩු පුද්ගලයින්ට තෙවන මාත්‍රාවක් ලබාදීමේ අවශ්‍යතාවක් නොමැති බවය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...