ඉන්ධන මිලදී ගැනීමේදී සහනයක් සළසන්නැයි ශ්‍රී ලංකාව එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
එක්සත් ජාතීන්ගේ 76 වැනි මහා මණ්ඩල සැසිවාරයට සමගාමීව විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කර්මාන්ත හා උසස් තාක්ෂණ අමාත්‍ය ආචාර්ය සුල්තාන් අල් ජාබර් මහතා හමුවූ අවස්ථාවේදීයි මෙම අදහස් පළවී ඇත්තේ.
මෙම ඉල්ලීමට ධනාත්මක ලෙස ප්‍රතිචාර දක්වමින්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය උපකාර කිරීමට සූදානම් බව පැවසූ අල් ජාබර් අමාත්‍යවරයා, එම ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාම සඳහා උපාය මාර්ගික රාමුවක් ස්ථාපිත කිරීමට යෝජනා කර තිබෙනවා.
මේ අතර ඉන්ධන මිළයට ගැනීම සඳහා ඩොලර් මිලියන 500 ක ණය මුදලක් ලබාගැනීමට ශ්‍රී ලංකාව විසින් ඉන්දීය රජය සමග සාකච්ඡා ආරම්භ කර තිබෙනවා.
ජනාධිපති ලේකම් ආචාර්ය පී බී ජයසුන්දර මහතා උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කලේ ලංකා ඛණිජ තෙල් සංස්ථාව දැනටමත් රාජ්‍ය බැංකු දෙක සඳහා ඩොලර් බිලියන 3.3 ක මුදලක් ණයවී සිටින බවයි.
එය ශ්‍රී ලංකාවේ සමස්ත විදේශ සංචිත ප්‍රමාණයට සමාන වනවා.
මේ අතර ඇතැම් මාධ්‍ය වාර්තාකර ඇති පරිදි ඉරානයෙන් ඉන්ධන ගැනීමේ සූදානමක් නොමැති බවද ජනාධිපති ලේකම්වරයා අවධාරණය කර තිබෙනවා.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...