දේශීය පුවත්

තිස්ස අත්තනායක මන්ත්‍රීවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මානව හිමිකම් සංවිධානය නමින් සංවිධානයක් සංස්ථාපනය කිරීමේ පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත්වූ පෙත්සම් විභාගයේදී අනාවරණය වූයේ එම කෙටුම්පත ගැසට් කිරීම සඳහා නීතිපතිවරයාගේ අනුමැතිය ලබාගෙන නොමැති බවයි.

ඒ පිළිබඳව දි අයිලන්ඩ් පුවත් පත තිස්ස අත්තනායක මහතාගෙන් විමසීමේදී ඔහු සඳහන් කර ඇත්තේ තමා එම පනත් කෙටුම්පත ඉදිරිපත් කළේ පාර්ලිමේන්තු කෙටුම්පත් කාර්යාලයේ ඉල්ලීම මත බවයි.ඒ පිළිබඳව ලංකා ලීඩ් පුවත් වෙබ් අඩවිය එම නඩුවේ පෙත්සම්කරු වූ වෛද්‍යය වසන්ත බණ්ඩාර මහතාගෙන් විමසන ලදී.මේ ඔහුගේ පිළිතුර ඔහුගේ වචනයෙන්, “ජාත්‍යයන්තර බෙදුම්වාදී බලවේග සහ ඉස්ලාම් අන්තවාදී බලවේග වල වුවමනාවන් ඉටු කරණ පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවේ සම්මත කිරීමට මීට පෙර අවස්ථා දෙකකදී ගනු ලැබූ උත්සාහයන් ව්‍යයවර්ථ වීමෙන් පසුව එය නැවත ඉදිරිපත්කිරීම සඳහා තිස්ස අත්තනායක මන්ත්‍රීවරයාට යෝජනා කරන්නේ පාර්ලිමේන්තුවේ කෙටුම්පත් කාර්යාලයේ යම් පුද්ගලයෙකු විසින් නම් ඔහු අනිවාර්යෙන්ම ඔහු බළල් අතක් විය යුතුයි.නීතිපතිගේ අනුමැතිය නොමැතිව පනත ගැසට් කිරීමද බරපතල ප්‍රශ්නයක්.කතානායකවරයා වහාම මේ පිළිබඳව විධිමත් අපක්ෂපාතී පරීක්ෂණයක් සිදු කළ යුතුයි.”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More