දේශීය පුවත්

කෙරවලපිටිය යුදගනාව් විදුලි බලාගාරයේ 40% කොටසක් ඇමෙරිකානු සමාගමකට පවරමින් ගිවිසුමක් අත්සන් කළ බව විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා මාධ්‍යයට ප්‍රකාශ කර සිටියේය.

ටෙන්ඩර් කැඳවීමකින් තොරව අදාළ සමාගම් වෙත මෙම අයිතිය ලබා දෙන්නේ ඇයිදැයි මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා පවසා සිටියේ “එම සමාගම ඒක කරන පුළුවන් ශක්තිමත් සමාගමක් වන බවයි”.තවද මධ්‍යම රාත්‍රීයේදී මෙම ගිවිසුම අත්සන් කිරීම පිළිබඳව අමාත්‍යවරයාගේ අදහස වූයේ එම ගිවිසුම අත්සන් කරනුයේ දෙපාර්ශ්වයටම පහසු වෙලාවක බවත්,ගිවිසුම තුළින් රජයට සැඟවීමට කිසිදු දෙයක් නොමැති බවත්ය.

මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වමින් හෙතෙම පවසා සිටියේ සෑම භාණ්ඩයකටම ලෝක වෙළඳපොළ තුළ සම්මත මිලක් පවතින බවත් එම මිලට ඉහළින් කටයුතු කිරීමට නොහැකි බවත්ය තවද ඇමෙරිකානු සමාගමට මෙම ගිවිසුම මගින් ඒකාධිකාරී බලය හිමි වුවත් එයින් වැඩි වාසියක් හිමි වන්නේ රජයට බව ඔහු ප්‍රකාශ කර සිටි අතර ඇමෙරිකානු සමාගම සමඟ එළැඹි මෙම ගිවිසුම අවුරුදු 15ක් බල පැවැත්වෙන බවත් අවුරුදු 15න් පසුව යුගදනව්  බලාගාරයේ අයිතිය රජයට හිමිවන බවත් මේ වන විට රට තුළ පවතින උග්‍ර ඩොලර් හිගයට කදිම පිළියම වන්නේ ද මෙම ගිවිසුම බව අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කර සිටියේය.

වෘත්තීය සමිති සහ ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ මෙම ගිවිසුමට විරෝධය දකවන්නේ ඇයි දැයි තමාට නොතේරෙන බවත් මෙම ගිවිසුම තුළින් විදුලිබල මණ්ඩලය සම්පූර්ණයෙන්ම පෞද්ගලීකරණයට ලක් කිරිමේ ක්‍රියාවක් නොවන බවත් හෙතෙම වෘත්තීය සමිති සහ ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ නැගූ විරෝධතාවයන්ට පිළිතුරු ලබාදෙමින් පවසා සිටියේය.

යුගදනව්  බලාගාරයේ 40% ක කොටසක් ඇමරිකානු සමාගමකට ලබා දීමේ සිද්ධිය සම්බන්ධයෙන් අගමැතිවරයා සමග සමඟ ඊයේ පැවති සාකච්ඡාවෙන් පසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ ලංකාවේ විදුලිබල ඒකාධිකාරිය ඇමරිකාවට හිමි වීම තුළින් ඇමරිකාවට අවශ්‍ය පරිදි ලංකාවට ක්‍රියා කිරීමට සිදුවන බවයි.

ඒ ආකාරයට මෙම ගිවිසුම මගින් බලාගාරයේ ඒකාධිකාරී අයිතිය ඇමරිකාවට හිමිවීමෙන් පසුව ඇමරිකාව ගෑස් ලබාදීම නතර කළහොත් ලංකාවට විදුලිය නොමැති වනු ඇතැයිද දයාසිරි ජයසේකර මහතා අනතුරු ඇඟවීමක් ද සිදු කර සිටි අතර සිදුවීමට යන විනාශයට තමා අත එසවීමට සූදානම් නොමැති බව ද ඔහු ප්‍රකාශ කර සිටියේය.

මෙලෙස ආණ්ඩුවේ හවුල්කාර පක්ෂයන්ගේ විරෝධතාවයන් නොසලකා හරිමින් ආණ්ඩුව යුදගනාව්  බලාගාරයේ ඒකාධිකාරී බලය ඇමෙරිකානු සමාගමට පවරා දීම සිදුකෙරිණි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More