දේශීය පුවත්

අමෙරිකාවේ YouTube ආයතනයට එරෙහි ශ්‍රී ලංකාවේ පළමු වරට කොළඹ දිසා අධිකරණය හමුවේ නඩුවක් පවරා තිබෙනවා.

ඒ, අපහාසාත්මක වීඩියෝවක් ප්‍රදර්ශනය කිරීම සම්බන්ධයෙනි.

සිය අධ්‍යාපන ආයතනය සිදු කළ පැමිණිලි සහ එන්තරවාසි නොතකා YouTube ආයතනය එම අපහසාත්මක වීඩියෝ පටය ඉවත් නොකිරීම හේතු කොටගෙන Education Center (REC) විසින් යූ ටියුබ් (You tube LLC) ආයතනයට එරෙහිව කොළඹ දිසා අධිකරණය හමුවේ මෙම නඩුව පවරා තිබෙනවා.

මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස ‘‘කලම්බෝ ටුඩේ’’ යන නමින් යූ ටියුබ් නාළිකාවක් පවත්වාගෙන යනු ලබන කීර්ති දුනුවිල නමැති අයකු සහ අමරිකා එක්සත් ජනපදයේ සිය මූලස්ථානය පවත්වාගෙන යනු ලබන YouTube ආයතනය නම් කර තිබෙනවා.

පැමිණිලිකරු වෙනුවෙන් දැක්වූ කරුණු සලකා බැලූ කොළඹ අතිරේක දිසා විනිසුරු කේ.කේ. ලියනගේ අදාළ අපහාසාත්මක වීඩියෝ තවදුරටත් විකාශනය කිරීම වළක්වමින් ‘කලම්බෝ ටුඩේ’ හි කීර්ති දුණුවිලට සහYouTube ආයතනයට එරෙහිව වාරණ නියෝගයක්ද නිකුත් කළා.

YouTube ආයතනය වාණිජමය වාසි තකා සත්‍යතාව සහ පුද්ගලයන්ගේ අනන්‍යතාව තහවුරු කර ගැනීමෙන් තොරව YouTube සමාජ ජාලයේ විවිධ නාළිකා නිර්මාණය කර ගැනීමට පහසුකම් සලසන බව අධිකරණයට දන්වා සිටින පැමිණිලිකරුවන්, YouTube ජාලයේ ක්‍රියාත්මක වන කලම්බෝ ටුඩේ (Colombo Today) නම් වූ රහසිගතව මෙහෙයවන ලද නාළිකාවක් පළ කරන ලද අපහාසාත්මක වීඩියෝ පටයක් මෙම නඩුකරයට පාදක වූ බවද දන්වා සිටියා.

සැබෑ පුද්ගල අනන්‍යතාවක් නොමැතිව සහ නිශ්චිත ලිපිනයක් නොමැතිව කලම්බෝ ටුඩේ නමින් නාළිකාවක් නිර්මාණය කිරීමට YouTube LLC ආයතනය අවසර දී තිබෙන බවද පැමිණිලිකරු දන්වා සිටිනවා.

අදාළ නාළිකාව ලියාපදිංචි කිරීමේදී ලබාදී ඇති ලිපිනය සැබෑ ලිපිනයක් නොවන බවත් එය ලන්ඩන් නගරයේ පිහිටි විනෝදාත්මක ස්ථානයක ලිපිනයක් බවත් දන්වා සිටින පැමිණිලිකරුවන් අපහාසාත්මක වීඩියෝපටය ඉවත් කරන ලෙස කළ දැනුම්දීමද YouTube ආයතනය ප්‍රතික්ෂේප කර තිබෙන බවයි අධිකරණයට දන්වා සිටියේ.

අපහාසාත්මක යැයි කියන වීඩියෝව මගින් REC කැම්පස් ආයතනය සිසුන්ගේ මුදල් වංචා කරන, වංචාකරුවකු ලෙස දන්වා තිබෙන අතර එමගින් තමන් දැඩි අවමානයකට ලක්වූ බවත් පැමිණිලිකරුවන් සිය පැමිණිල්ල මගින් කොළඹ දිසා අධිකරණය වෙත දැනුම් දී තිබෙනවා.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More