දේශීය පුවත්

කෙරවලපිටිය එල්.එන්.ජී. හෙවත් ස්වාභාවික වායු බලාගාර සංකීර්ණය සම්බන්ධයෙන් රජය ඇමෙරිකානු සමාගමක් සමග ගැසූ ගිවිසුම කෙසේ හෝ හකුළා නොගතහොත් දැඩි වෘත්තීය සමිති වර්ජනයකට සූදානම්” වන බව ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති රන්ජන් ජයලාල් මහතා අනතුරු හඟවයි.

මෙම ගිවිසුම කුමන තත්ත්වයක් යටතේ හෝ රජය විසින් හකුළා ගත යුතු බවත් එලෙස හකුළා නොගන්නේ නම් විදුලිය බෙදාහැරීම්, තෙල් බෙදාහැරීම්, වරායේ භාණ්ඩ බෑම, පැටවීම ආදිය සිදු නොකරන බවද හෙතෙම කියා සිටියේය.

මීට අදාළව තම සමිතිවලට යාමට ඇත්තේ වර්ජනයකට පමණක් බව ද ජයලාල් මහතා පැවසීය.

කෙරවලපිටිය එල්.එන්.ජී. හෙවත් ද්‍රව ස්වාභාවික වායු බලාගාර සංකීර්ණයේ ආයෝජනය සම්බන්ධයෙන් මෙරට සමග අවසන් ගිවිසුමකට එළඹුණු බව ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව් ෆෝට්‍රස් එනර්ජි සමාගම නිවේදනය කිරීමෙන් පසු ඔහු මෙම වෘත්තීය සමිති මාධ්‍ය හමුව කැඳවා තිබිණ



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More