අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමය පවසා සිටින්නේ මෙරටට ආනයනය කරන ද අවත්‍යශ්‍ය භාණ්ඩ සහිත කන්ටේනර් 1300ක් පමණ කොළඹ වරායේ ගොඩගැසී ඇති බවයි.
මෙම කන්ටේනර් තොගය මාස තුනක පමණ කාලයක් තිස්සේ වරායේ ගොඩගැසී ඇතැයි පවසන ඔවුන් මේවා නිදහස් කර ගැනීමට බැංකුවලින් ඩොලර් නිදහස් නොකිරීම මෙසේ වීමට හේතු වී ඇතැයිද පැවසේ.
ඔවුනට අනුව ආනයනකරුවන් හතළිහක් පනහක් පමණ පිරිසක් ගෙන්වා ඇති භාණ්ඩ මෙසේ මාස කිහිිපයක් තිස්සේ ගොඩ ගැසී ඇති අතර ඒවා නිදහස් කර ගැනීම ප්‍රමාද වීම නිසා ප‍්‍රමාද ගාස්තු පවා ගෙවන්නට සිදුවී ඇත.
අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමයේ ප්‍රකාශක වරයෙකු මාධ්‍යය වෙත පවසා සිටියේ අද පැවැත්වෙන ජීවන වියදම් කමිටුවේදී මේ සම්බන්ධයෙන් විසඳුමක් බලාපොරොත්තු වන බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...