ඊයේ(23)ආණ්ඩුවේ පක්ෂ නායකයන් සහ අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර යුගදනව් බලාගාරයෙන් කොටසක් ඇමෙරිකානු සමාගමකට පැවරීම සම්බන්ධයෙන් පැවැති සාකච්ඡාව අසාර්ථක වී ඇති බව වාර්තාවේ.
හවුල්කාර පක්ෂවල නායකයන් සාකච්ඡාව අවසානයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙරටට පැමිණි වහාම මේ සම්බන්ධයෙන් ජනාධිපතිවර්යා සමඟ සාකච්ඡා කරන බවයි.
ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ විසින් දිගින් දිගටම පෙන්වා දී ඇත්තේ මෙම බලාගාරය ඇමෙරිකානු සමාගමකට පැවරීම ගැටලුකාරී බවත් බවයි.
නමුත් මෙම ආයෝජනය මගින් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 250 ක පමණ ලැබෙන බවත් එය වාසිදායක ආයෝජනයක් බවත් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් බවත් පෙන්වා දී ඇති බවද වාර්තාවේ.
මේ අතර යුගදනව් බලාගාරයේ කොටස් ඇමරිකානු සමාගමට ලබා දීමට ගෙන ඇති තීරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහය නොදක්වන බව එම පක්ෂ මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසිංහ මහතා සාකච්ඡාව අවසානයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසීය.
එහිදී අදාල ගිවිසුම් මගින් ශ්‍රී ලංකාවේ විදුලි බල ඒකාධිකාරිය විදේශයකට හිමි වීමේ ඉඩක් ඇති බව පැවසූ ඔහු එම විනාශයට තම පක්ෂය සහය නොදක්වන බව ද අවධාරණය කළේය.
අමාත්‍ය විමල් වීරවංශ මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ අග්‍රාමාත්‍යවරයා මෙම සාකච්ඡාවේ දී මධ්‍යස්ථ ස්ථාවරයක් දැරූ බවයි.
බලාගාරය සම්බන්ධයෙන් තම මතය සඳහන් කරමින් අත්සන් සහිත ලිපියක් ජනාධිපතිවරයාට භාර දීමට ද හවුල්කාර පක්ෂ බලාපොරොත්තුවෙන් සිටින් බවද අමාත්‍යයවරය පවසා සිටියේය.
අදාල කැබිනට් යෝජනාව ඉදිරිපත් කල මුදල් අමාත්‍යවරයා ඇතුළු පාර්ශවය එක් මතයක්ද සෙසු පක්ෂ නායකයන් වෙනත් මතයකුත් දැරූ බව ද ඇමැතිවරයා පැවසුවේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...