දෙමළ ඩයස්පෝරාවට සහ සුමන්තිරන් මන්ත්‍රීවරයා ඇතුළු බෙදුම්වාදී න්‍යායාචාර්යවරුන්ට ජනාධිපතිතුමා විසින් සාකච්ඡාවක් සඳහා ආරාධනා කිරීම සහ ඒ පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්තිරන් මහතා විසින් සතුට පල කිරීම පිළිබඳව ලංකා ලීඩ් වෙබ් අඩවිය ජාතික සංවිධාන වල මතය විමසන ලදී.
මේ ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු සාහිත්‍යය සූරී ගුණදාස අමරසේකර මහතාගේ මතය ඔහුගේ වචනයෙන්,
” සුමන්තිරන්ලාගේ සතුට සැම විටම අපගේ අසතුටට සහ භීතියට හේතු වෙනවා.ඉන්දියාවේ රෝ ඔත්තු සංවිධානය, ඔවුන්ගේ උපාය මාර්ගික ලේඛන වලට අනුව , සෑම විටම සඳහන් කරන්නේ උතුරේ ප්‍රශ්නය විසඳගන්න පුළුවන් ප්‍රගතිශීලී රජයකට පමණයි යනුවෙනුයි.ඒ කියන්නේ ප්‍රතිගාමී එක්සත් ජාතික පක්ෂය මගින් ව්‍යයවස්ථා සංශෝධන කරන්න ගියොත් මහජනයා විරුද්ධ වෙනවා, ඒ නිසා රැවිටිලිකාර ලෙස බෙදුම්වාදී න්ට උවමනාදේ ලබාගත හැක්කේ ප්‍රගතිශීලී රජයකින් පමණයි. ඒ නිසා තමයි ජනාධිපති තුමාගේ ආරාධනය ගැන සුමන්තිරන් සතුටු දැනෙන විට අපට බිය ඇති වන්නේ.”
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...