දේශීය පුවත්

කැබිනට් මාධ්‍යය ප්‍රකාශක අමාත්‍යය ඩලස් අලහප්පෙරුම මහතා විසින් මාධ්‍යයට අදහස් දැක්වීමේදී කෙරවලපිටිය LNG බලාගාරය සහ LNG ගෑස් සැපයුම NFF සමාගමට ලබා දීමට එකඟතාවයක් නොමැති බවට ප්‍රකාශයක් සිදු කළ බව වාර්තාවේ. ඔහුට අනුව දෙපාර්ශවය අතර සංකල්පීය එකඟතාවයක් පමණක් ඇතිවී ඇත.

තතු දත් ආරංචි මාර්ග වලට අනුව කැබිනට් මාධ්‍යය ප්‍රකාශක ලෙස ඔහුට තමා දීර්ඝ කාලයක් තිස්සේ උපයාගත් මහජන ගෞරවය උගසට තැබීමට සිදුවීම කණගාටුවට කරුණක් බව දේශපාලන විචාරකයෝ පවසති.

ඔවුන්ට අනුව ආණ්ඩුව වෙනුවෙන් භාන්ඩාගාර ලේකම්වරයා විසින් රජයට අයත් සමාගමේ කොටස් විකිණීම සහ විදුලිය මිලදී ගැනීමට අදාල ගිවිසුම පසුගිය පසුගිය 17 වැනි සිකුරාදා රාත්‍රී 12:00ට අත්සන් තබා ඇත.

එය බැඳීම් සහිත ගිවිසුමක් මිස හුදු සංකල්පීය එකඟතාවයක් නොවන බව ඔවුහු සඳහන් කරති. සංකල්පීය එකඟතාවයට අමාත්‍යය මණ්ඩලය අනුමැතිය ලබාගෙන ඇත්තේ ජූලි 5 වැනිදා පැවති අමාත්‍යය මණ්ඩල රැස්වීමේදී බව සහ එම රැස්වීමටත් පූර්වගාමීව අදාළ පත්‍රිකාව සහ ගිවිසුම ඉදිරිපත් නොකර රැස්වීම අවස්ථාවේදී කළබලයකින් ඉදිරිපත් කර සම්මත කළ බව ඔවුහු පවසති.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More