දේශීය පුවත්

නිරෝධයන ඇඳිරි නීතිය කාලය තුළ හදිසියේම සුරා සැල් විවෘත කිරීම නිසා රට පුරා සෑම සුරාසැලක්ම කෝවිඩ් බෙදා හරින මධ්‍යයස්ථානයන් බවට පත්වූ බවට සමාජයෙන් බරපතල චෝදනා එල්ල විය.යම් පිරිස් අමද්‍යප න්‍යාය අනුව ඊට විරුද්ධවූ අතර යම් පිරිස් මංගල උත්සව වලට ඉඩ දීමට වඩා භයානක ලෙස 17 වැනි සිකුරාදා රට පුරා මත්පැන් සමඟ කෝවිඩ් බෙදා දීමට රජය කටයුතු කළ බවට චෝදනා එල්ල කළහ.

අමාත්‍යය මණ්ඩල ප්‍රකාශකයා ලෙස ඩලස් අලහප්පෙරුම අමාත්‍යයවරයා සඳහන් කළේ එම තීන්දුව අමාත්‍යය මණ්ඩලය විසින් ගත් තීන්දුවක් නොවන බවයි.

සමාජයේ පැතිර යන කතා අනුව අමාත්‍යයවරයා සඳහන් කරන්නේ සත්‍යයක් බව සුරා බදු දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියෙකු ලංකා ලීඩ් වෙත තහවුරු කරණු ලැබීය.

ඔහුට ලැබී ඇති තොරතුරු අනුව සුරාසැල් කෙසේ හෝ විවෘත කළ යුතු බවට අමාත්‍යය මණ්ඩලයේදී මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කර ඇතත් ජනාධිපති තුමා ඒ පිළිබඳව සැලකිල්ලක් දක්වා නැත.

ඒ අනුව සුරා බදු සුරා බදු කොමසාරිස්වරයාට ලැබුණු පුද්ගලික නියෝගයක් මත එය සිදුවී ඇති බව ඔහු පවසයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More