දේශීය පුවත්

කාබනික වගාව සාර්ථකයි කියමින් මෙරට ජනතාව මෙන්ම විදේශීය රාජ්‍ය නායකයින් රවට්ටන රජය, ‘බෝට්ටු කෘෂි රසායන ජාවාරමට‘ අනුග්‍රහය දෙමින් සිටින බවට හිටපු ආණ්ඩුකාරවරයකු චෝදනා කරයි.

එවැනි බරපතල චෝදනාවක් එල්ල කරමින් සමාජ මාධ්‍ය වෙත වීඩියෝවක් මුදාහැර ඇත්තේ, දකුණ හා මධ්‍යම පළාත් හිටපු ආණ්ඩුකාරරජිත් කීර්ති තෙන්නකෝන් විසිනි.

”කාබනික වගාව සාර්ථකයි කියා රට-ලෝකය රවට්ටන්න, රජය බෝට්ටු කෘෂි රසායන ජාවාරමකට අනුග්‍රහය ලබා දෙනවා. ලියාපදිංචි කඩවල්වල කෘෂි රසායනය නෑ. හැබැයි, මහ ගස් පවා මරණ, පසට ඇසිඩ් ගැහුවා වගේ පිච්චෙන ‘බෝට්ටු බඩු වල් බෙහෙත්‘ ඕනී තරම් තියෙනවා” යැයි හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් එම වීඩියෝවේ සඳහන් කර තිබේ.

”කාබනික වගාව සාර්ථක යැයි ඔප්පු කිරීමට කිසිදු ප්‍රමිතියක් නැති නීති විරෝධී කෘෂි රසායනය බෝට්ටු මගින් රට තුලට රැගෙන ඒමට රජය ඉඩ දී ඇත. කාබනික වගාව යැයි රටත්-ජාතියත්-ලෝකයත් අන්දමින් අධි විෂ කෘෂි රසායන මහපොළොව-පරිසරයට නිදහස් කිරීමට රජය ඉඩ හැර ඇත.” ඔහු අවදාරණය කර සිටියි.

”ඩොලර් නැති ආණ්ඩුව ගොවියාගේ රත්තරං ඉන්දියාවට පටවලා ‘තහනම් බඩු‘ රට පුරා බෙදනකල් බලාගෙන ඉන්නවා” – රජිත් කීර්ති තෙන්නකෝන් (දකුණ හා මධ්‍ය පළාත් හිටපු ආණ්ඩුකාර)

හිටපු ආණ්ඩුකාරවරයා තවදුරටත් මෙසේද කියා සිටියි.

කෘෂි රසායනය හෝ පොහොර ගෙන්වීම සඳහා රජයේ ඩොලර් සංචිත ප්‍රමාණවත් නොවන නිසා ලෝකයේ කිසිදු රටක නැති 100% කාබනික සිහින සංකල්පයක් මෙරට පැල කිරීමට රජය උත්සහ දරයි. ලංකාවේ දුප්පත් ගොවියන්ගේ කණ-කර රත්තරං බඩු ටික බෝට්ටු මගින් ඉන්දියාවට යවා සිදු කරන නීති විරෝධී කෘෂි රසායන ජාවාරම නැවැත්වීමට රජය ක්‍රියා කළ යුතුය.

අද කෘෂිකර්ම අමාත්‍යාංශයයි, කෘෂිකර්ම ඇමතිලයි, නිලධාරි මණ්ඩලයයි, ගොවියාට හිතකර කෘෂිකර්මය හැර අනිත් හැමදේම කරන්වා. නීති විරෝධී වල්, දිලීර හා කෘමිනාශක රට පුරා ජාවාරම්කරුවෝ බෙදා හරිනවා. කෘෂි රසායන පාලනය සඳහා වගකීම් පැවරී ඇති පළිබෝධක නාශක පාලන අධිකාරිය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ප්‍රමිති ආයතනය ඇතුළු කිසිදු ආයතනයක් නීති විරෝධී බෝට්ටු කෘෂි රසායන අලෙවිය, ප්‍රවාහනය හෝ ගබඩා කිරීම් පිළිබඳ සොයන්නේ නෑ. මෙහෙයුම් කරන්නේ නෑ.

පලිබෝධ නාශක පනත ක්‍රියාත්මක වෙන්නේ රුපියල් පනහක් වැඩි මිලට විකුණ වෙළෙන්දාට විතරයි.

මහා පරිමාන නීති විරෝධී කෘෂි රසායන ජාවාරමක් රටේ සිද්ධ වෙනවා. මන්නාරම, කාත්තන්කුඩි, ත්‍රිකුණාමය, වැලිගම ආශ්‍රිතව ධීවර බෝට්ටුවලින් රට තුලට රැගෙන එනවා.

ඉන්දියාවෙන්, චීනයෙන් ගෙන් සමහර කෘෂිරසායන අපේ රටේ තහනම් කළේ දැන් අවුරුදු 15- 20 කට කලින්. මේ කාබනික උන්මාදය හැදෙන්න ඉස්සර අපේ රටේ හොඳ පළිබෝධක නාශක පාලනයක් තිබුණා. දැන් පළිබෝධන නාශක පාලනයක් තියා ප්‍රමිතියක් තියෙන බෙහෙතක් හොයා ගන්න බෑ. හැබැයි රට පුරා ජාවාරම්කාරයෝ රොත්තක් කළු කඩ ව්‍යාපාරයක් පටන් අරගෙන තියෙනවා.

රජය නීති විරෝධී බෝට්ටු කෘෂි රසායන හොර පාරවල් වහන්නට වහා පියවර ගත යුතුයි. ”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More