හදිසියේත්, හොර රහසේත්, නියමිත ක්‍රමවේදයෙන් තෙරවත් අත්සන් කර ඇති යුගදනවි ගිවිසුම අනාගතයේ දිනක හෙජින් ගිවිසුම වැනි විශාල අලාභයක් රටට ලබාදෙන ගිවිසුමක් විය හැකි බවට අනුමාන කරන බවත්, කිසිදු ජනතා සම්මතයක් හිමි පුද්ගලයකු නොවන මුදල් ඇමතිවරයා ද්විත්ව පුරවැසියකු වශයෙන් තම න්‍යායපත්‍රයට අනුව කටයුතු කරමින් සිටින බවත් වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. තමන් විසිවන සංශෝධනයට එදා එරෙහි වූයේ මේ ද්විත්ව පුරවැසි භූමිකාවන්ගේ අවදානම කල් ඇතිව දුටු නිසා බවත්, විසි වන සංශෝධනයට සහට දැක්වූ දේශමාමක මන්ත්‍රීවරුන් මෙ බව ඉක්මනින් වටහා ගත යුතුව ඇති බවත් එම පෙරමුණ අවධාරණය කරයි.
අදාල මාධ්‍ය නිවේදනය සම්පූර්ණයෙන් මෙසේය.
රටේ ස්වෛරීත්වය සහ ජාතික ආරක්ෂාව ජාතික සම්පත් සමගම පාවාදීම වලකනු!
රටේ බලශක්තිය පාලනය කිරීමේ අයිතිය ජාත්‍යන්තර සමාගම් සහ අනෙකුත් විදේශීය බලවේගයන්ගේ අතට පත් කිරීමේ ප්‍රයත්නයක පවතින රජය මේ වන විට යෙදී සිටියි. ජාත්‍යන්තර බල තුලනයේ තීරක සාධකයක් වන ‘බලශක්තිය’ සහ ඒ හා සබැඳි ජාත්‍යන්තර තත්වයන් සහ බලපෑම් අප වැනි රටකට පාලනය කිරීමට ඉතාම අපහසුය. මේ නිසාවෙන්ම රටේ බලශක්තිය සැපයුම සම්බන්ධව රටක් ලෙස අප සතු අධිකාරී බලය එලෙසින් පවත්වා ගැනීම රටේ ඉදිරිගමන වෙනුවෙන් අත්‍යවශ්‍ය කාරණයකි.
මෙහිදී මතුව ආ අලුත්ම මාතෘකාව වනුයේ, ඇමෙරිකානු New Fortress Energy සමාගම සමග ඇතිකරගන්නා ගිවිසුමයි. ශ්‍රීලංකාවේ විදුලි බලාගාර හා ඒ සඳහා ඉන්ධන සැපයුම ලබාදෙන රජයේ ව්‍යුහය ශ්‍රී ලංකා රජයේ අධිකාරියෙන් ඉවතට පැවරීම අතිශයින්ම හානිකරය. තවද, මේ ක්‍රියාවලිය රටේ ස්වෛරීත්වයට මරු පහරකි. පවතින අවධානම එතැනින් තවත් ඔබ්බට ගෙනයනුයේ ඉහත ගිවිසුම ශ්‍රී ලංකා නීතියට යටත් නොවෙන පරිදි සකස් කිරීමට ගෙන ඇති අදුරදර්ශී තීරණයයි. මේ
ගිවිසුමෙහි පැහැදිළිවම සටහන් වී ඇත්තේ ශ්‍රී ලංකා නීතියට කිසිලෙසකින් යටත් නොවන ජාත්‍යන්තර බේරුම්කරණය (International Arbitration) වෙත මෙමගින් අදාළ බලය පැවරෙන බැවිනි. මෙලෙස රටේ බලාගාර සහ ඉන්ධන සැපයුම් මාර්ග ශ්‍රී ලංකාවේ නෛතික රාමුව යටතේ පාලනය නොවන තත්වයට පත්කරයි. කිසිදු හදිසි අවස්ථාවක්, ත්‍රස්තවාදී හෝ වෙනත් තර්ජනයක් ඇතිවූ අවස්ථාවකදී මෙරට විධායකයේ, ව්‍යවස්ථාදායකයේ මෙන්ම අධිකරණයේ බලය බලනොපැවැත්වෙන තරමේ අරාජික තත්වයක් මෙමගින් රට තුළ පැන නගී.
මෙහිදී ඉන්ධන සැපයුම පිළිබඳව පමණක් සැළකිල්ලට භාජනය කළද, මෙයින් සිදුවිය හැකි අලාභය පිළිබඳව මනා අවබෝධයක් ලබා ගැනීමට,මීට පෙර යුගයකදී අත්සන් කරනු ලැබූ ‘හෙජින් ගිවිසුම’ තුලින් පමණක්ම මෙරටට සිදුකළ අලාභය සඳහන් කළ හැක. එමෙන්ම මෙමගින් දීර්ඝ කාලීනව ශ්‍රී ලංකාවට විශාල විදේශ විනිමය ප්‍රමාණයක් අහිමිවීමට නියමිතය. අද ශ්‍රී ලංකාව වැටී ඇති ණය උගුල සහ විදේශ විනිමය අර්බුදය සැලකූ විට රජයේ මේ ප්‍රයත්නය ඉතාමත් අමනෝඥ ක්‍රියාවක් පමණක් නොව මහත් අමන ක්‍රියාවකි.
සුවිශේෂී කාරණයක් ලෙස මෙහිදී තවදුරටත් ඉස්මතුව පෙනෙනුයේ, මෙම ගිවිසුම සඳහා මහත් උනන්දුවෙන් කටයුතු කරන වත්මන් මුදල් අමාත්‍යවරයා සැබවින්ම ‘ද්විත්ව පුරවැසියෙකු’ වීම යන කාරණයයි. ඔහු ‘පත්කළ මන්ත්‍රීවරයෙකු’ වන බැවින් කිසිදු ජනතා සම්මතයක් හිමි පුද්ගලයෙක්ද නොවේ.
20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා ද්විත්ව පුරවැසියන්ට මන්ත්‍රීධුර ලබාදීමට රජය කටයුතු කළ අවස්ථාවේදී එයට විරුද්ධව වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ ලෙස අප තදින්ම පෙනී සිටි හේතුවේ යථාර්ථය අද මෙලෙස විදේශීය
පුරවැසියකු විසින් ඔප්පුකොට තිබේ. සත්‍යය වශයෙන්ම ද්විත්ව පුරවැසියා ඔහුගේ විදේශීය න්‍යායපත්‍රය මැනවින් ඉටු කරමින් සිටී.
මේ අනුව රටේ ජනාධිපතිවරයා ඇතුළු රජය ජාතික ආරක්ෂාව මෙන්ම ස්වෛරීත්වය තවදුරටත් තහවුරු කිරීමට අසමත්ව ඇති අතර ඒ වෙනුවට රට පාවා දීමේ පවිටු ව්‍යායාමයක කොටස් කරුවන් බවට පත්ව තිබේ. එමෙන්ම 20 සංශෝධනයට සහය දැක්වූ, විශේෂයෙන්ම ජාතිමාමක යැයි කියාගන්නා මන්ත්‍රීවරු ඔවුන් විසින් රටට සිදු කළ විනාශය දැන් හෝ වටහා ගත
යුතුව ඇත. ජනතාව විසින් ඔබට සමාව දීම හෝ නොදීම තීරණය වන්නේ අද දින මේ නිර්ලජ්ජිත පාවා දීම් හමුවේ කටයුතු කරනු ලබන ආකාරය අනුවය. හීන් කෙඳිරියකට හෝ අවසානයේ පාවාදෙන සටනකට හෝ පාවාදෙමින් මැති ඇමති
පුටු රැකගෙන යන ගමනකින් හෝ එම සමාව කිසිවිටෙකත් හිමි නොවනබව නම් අදාළ මන්ත්‍රීවරුන් ඉක්මණින් වටහා ගත යුතුව ඇත.
ජනතාව ලෙස අප අවබෝධකොට ගතයුත්තේ අද අපේ රට අප විසින් ගලවා ගතයුතු දිනය එළඹ ඇති බවයි. මේ පාවාදීම වැලකීමට ඔබෙත්, අපේත් හඬ දැඩිව අවදි කළ යුතුව ඇත. වෘත්තිකයිනි, ඔබව නොමග යැවීමට ලබාදී ඇති සිල්ලර මාතෘකා හඳුනාගෙන ඒවායෙන් ඉවත්ව මේ මහා ව්‍යයසනය හා ඉදිරියේ එන මහා පාවාදීම් වැලකීමට පෙළ ගැසිය යුතුව තිබේ. කොවිඩ්-19 වසංගතය පැතිරීමට ඉඩ හැර ඉතා සූක්ෂමව සැලසුම්සහගත ලෙස සිදුකරනු ලබන මේ මහා පාවාදීමට එරෙහි වීම, මේ මාතෘ භූමීයේ ජීවත්වන සියලු පුරවැසියන්ගේ වගකීමක් ලෙස සළකා කටයුතු කරමු.
අවසන් වශයෙන් කිවයුත්තේ අප, ‘වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ’ ලෙස රජයේ මේ ක්‍රියාවලිය දැඩි ලෙස හෙළා දකින බවත් එය වැලැක්වීමට ගත හැකි සෑම පියවරක්ම ගැනීමට අප නොපැකිළෙන බවත්ය.
මෙයට,
වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ වෙනුවෙන්,
ඉංජිනේරු කපිල රේණුක පෙරේරා
ප්‍රධාන ලේකම්
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...