කොවිඩ් සුව වූ පිරිසෙන් 3% – 40% අතර ප්‍රමාණයකට ස්නායු රෝග ලක්ෂණ ඇ.තිවීමේ අවදානමක් පවතින බවට විශේෂ වෛද්‍යවරු අනතුරු අඟවති.
ස්නායු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය, සභාපති විශේෂඥ වෛද්‍ය ගාමිණි පතිරණ මහතා සඳහන් කර සිටියේ, ස්නායු රෝග ලක්ෂණ බරපතළ ලෙස දැනෙන්නේ නම් වෛද්‍යවරයෙකු හමුවීම ඉතා වැදගත් බවය.
මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු විශේෂඥ වෛද්‍ය ගාමිණි පතිරණ මහතා,
“සමාජය තුළ විශාල සංඛ්‍යාවක් ඉන්නවා කොවිඩ් හොඳ වෙලා. ඒ අයට මේ රෝග ලක්ෂණ ආවොත් දැනුවත් වීම සඳහායි කතා කරන්නේ. එහෙම නැතුව මේ රෝග ලක්ෂණ ගැන අහලා බිය විය යුතු නෑ. ඔබ දන්නා රෝගයක් තමයි බෙල්ස් ෆොල්සි කියන එක. මුහුණේ එක පැත්තක් පණනැති වෙනවා. මේක මේ දවස්වල වැඩියෙන් එනවා. මේක කොවිඩ් -19 නිසාද කියලා ප්‍රශ්නාර්ථයක්. අපි දැකලා තියෙනවා කොවිඩ් රෝගයෙන් පස්සේ අපස්මාරය පටන් ගන්නවා ඉතාම කලාතුරකින්. දැනට වාර්තා වන අන්දමට 3% – 40% දක්වා කොවිඩ් සුවවු අයගෙන් ස්නායු රෝග ලක්ෂණ පහළ වෙනවා කියලා වාර්තාවල සඳහන්.”
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...