මීගමුව පොලිස් අධිකාරි කාර්යාලයේ කසළ බදුනක තිබී ජීව අත්බෝම්බ 02ක් හමුවී ඇත.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පැවසුවේ ඊයේ පස්වරුවේ කසළ ද්‍රව්‍ය එකතු කිරීමට පැමිණි නගර සභා සේවකයෙකු විසින් මෙම ජීව අත්බෝම්බ දෙක දැක ඇති බවයි.
අනතුරුව නගර සභා සේවකයින් විසින් ඒ බව පොලීසියට දැනුම් දී තිබේ.
එම අත්බෝම්බ මේ වන විට පොලිස් භාරයට ගෙන තිබේ.
මීගමුව පොලිස් අධිකාරි කාර්යාලයේ කසළ බදුනකට එම අත්බෝම්බ දෙක පැමිණි ආකාරය සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තොරතුරක් අනාවරණය වී නොමැති බව පොලීසිය පැවසීය. මේ සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...