දේශීය පුවත්

ජාතියේ මහා ගාන්ධර්වයා ලෙසින් නම් ලද පණ්ඩිත් ඩබ්ලිව්.ඩී. අමරදේවයන්ගේ භෂ්මාවශේෂ තවමත් කොළඹ පෞද්ගලික මල්ශාලාවක රඳවා ඇති බව වාර්තා වේ.

පණ්ඩිත් අමරදේවයන් අභාවප්‍රාප්ත වූයේ 2016 වසරේ නොවැම්බර් 03 වැනිදාය.

අමරදේවයන් ජීවතුන් අතර සිටියදී කළ ඉල්ලිමකට අනුව සහ එතුමාගේ අවමංගල්‍ය උත්සවයේදී හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා දුන් පොරොන්දුවක් අනුව අමරදේව අසපුව ඉදිකිරීමට 2017 වසරේ අගෝස්තු 28 වන දින මුල් ගල තැබුණි.

කෙසේ වෙතත් එය අද වන විට වල් බිහි වී ඇති බවද දැකිය හැක.

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වු ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා,

“මේ ව්‍යාපෘතිය ආරම්භ වෙලා තියෙන්නේ ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ. මේ ප්‍රවෘත්තිය දුටු වහාම මම ලේකම්වරයාට කතා කරලා බැලුවා නමුත් මේක මාස 6කට – 7කට පෙර සංස්කෘතික දෙපාර්තමේන්තුවෙන් ඒ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ඒ දෙපාර්තමේන්තුවට අරගෙන තියෙනවා. එහි අපට ද යම් වරදක් තිබෙන බව තේරුම් ගියා. අදාළ ව්‍යාපෘතිය කඩිනමින් අවසන් කිරීමට කටයුතු කරනවා. විශේෂයෙන් අගමැතිවරයාගේ අවධානය අදම යොමුකරනවා.”

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More