දේශීය පුවත්

ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් විසින් පසුගියදා හිරු රූපවාහිනී නාලිකාවේ පැවැති සලකුණ වැඩ සටහනට සහභාගි වෙමින් පවසා සිටියේ ශ්‍රී ලංකා ජමයතුල් උලමා සභාව සිංහලයට පරිවර්තනය කරන ලද කුරානයේ 8:30 වගන්තිය සඳහන් වන්නේ, “(නබිවරයා) ප්‍රතික්ෂේප කළවුන් නුඹව රඳවා තබා ගැනීමට හෝ නුඹව ඝාතනය කිරීමට හෝ නුඹව පිටුවහල් කිරීමට හෝ නුඹට කුමන්ත්‍රණ කරමින් සිටි අවස්ථාව (සිහිපත් කරව්). ඔවුන් කූට උපාය සැලසුම් කරති. අල්ලාහ් ද සැලසුම් කරන්නේය. තවද අල්ලාහ් සලසුම්කරුවන්ගෙන් අති ශ්‍රේෂ්ඨය.” ලෙස බවයි.

ගලගොඩ අත්තේ ඥානසාර හිමි කළ අනාවරණය සම්බන්ධයෙන් නිවැරදිතාවය නිෂ්චිතවම කරුණු දැන ගැනීම පිණිස ලංකා ලීඩ් වෙබ් අඩවිය අල් කුරාණයේ සිංහල පිටපතක් සොයා ගැනීමට කටයුතු කළේය. එහිදී මධ්‍යයස්ථ ඉස්ලාම් භක්තිකයෙකු පවසා සිටියේ අල් කුරාණයේ සිංහල පරිවර්තනය තව්හිද් ජමාත් සංවිධානයේ මැදිහත් වීම මත සිංහලයට පරිවර්තනය වූ බවත් එහි ඇති පරිවර්තන දෝෂ හේතුවෙන් එහි පිටපත් සියල්ලම ගිනි තබා විනාශ කිරීමට කටයුතු කළ බවත්ය.

ඒ අනුව කුරාණයේ පිටපත් ගිනි තබා විනාශ කළ ඉස්ලාම් භක්තිකයන් පිරිසක් අතිශය කලාතුරකින් ශ්‍රී ලංකාවෙන් හමුවන බව අපගේ හැඟීමයි. කෙසේ වුවද මෙහි කිසියම්ම සත්‍යයතාවයක් නොමැති නම් ඒ බව අදාළ පාර්ශව විසින් ලංකා ලීඩ් වෙබ් අඩවිය වෙත සනාත කරන්නේ නම් එම තොරතුරු ලංකා ලීඩ් වෙබ් අඩවියෙහි පල කර සිටීමට අප කටයුතු කරන්නෙමු. එහිදී ඥානසාර හිමි කළ හෙලිදරව්ව සත්‍යයද , සැබෑ ලෙසම කිසියම්ම හෝ පිරිසක් විසින් කුරාණය සිංහලට පරිවර්තනය කරණු ලැබුවාද, එහි කුමන හෝ පරිවර්තන දෝෂ තිබුණේද, එසේ තිබුණි නම් ඒවා විනාශ කළාද යන ප්‍රශ්න වලට පිළිතුරු ලංකා ලීඩ් වෙබ් අඩවිය අපේක්ෂා කරයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More