දේශීය පුවත්

ශ්‍රී ජයවර්ධනපුර මාදිවෙල පිහිටි නාගරික සංවර්ධන අධිකාරියට අයත් අක්කර 37යි, රූඩ් එකයි පර්චස් 20.44ක ඉඩම් කොටසක් කලම්බූ බර්ඩ් පාර්ක් (Colombo bird park) පෞද්ගලික සමාගමට ලබාදීමට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවකට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙනවා.

මෙම ඉඩම් කොටස තුළ සැලසුම් කිරීම, මූල්‍ය ප්‍රතිපාදන යෙදවීම, ඉදිකිරීම සහ ක්‍රියාත්මක කිරීම යන පදනම යටතේ කුරුලු උද්‍යාන ව්‍යාපෘතියක් ආරම්භ කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

කෙසේ වෙතත් අදාළ ව්‍යාපෘතිය වසර 30ක කාලයකින් පසු ව නැවත රජයට භාර දෙන (B.O.T) ව්‍යාපෘතියක් ද යන්න පිළිබඳ ව අද නිකුත් කළ කැබිනට් නිවේදන පත්‍රිකාවේ පැහැදිලි ව සඳහන් ව නැහැ.

මේ සඳහා තරගකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදය යටතේ යෝජනා කැඳවා තිබුණු අතර අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද සාකච්ඡා සම්මුති කමිටුව විසින් එම ටෙන්ඩරය කලම්බූ බර්ඩ් පාර්ක් (Colombo bird park) පෞද්ගලික සමාගමට ලබා දී තිබෙනවා.

ඒ අනුව අදාළ ඉඩම් කොටස වසර 30ක කාල සීමාවක් සඳහා අදාළ සමාගමට බදු පදනම මත ලබා දෙනු ඇති.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More