දේශීය පුවත්

වැලි, පස් හා කළුගල් ප්‍රවාහන බලපත්‍ර මාර්ගගත ක්‍රමයට නිකුත් කිරීම මේ මස 30 වනදා සිට ආරම්භ කිරීමට වැඩපිළිවෙලක් සකස් කර ඇති බව පරිසර අමාත්‍යාංශය පවසයි.

ඊට අදාළ වැඩකටයුතු භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය විසින් ආරම්භ කර ඇති බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.

දෛනිකව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයට අයත් ප්‍රදේශීය කාර්යාලවලට දිනපතා ප්‍රවාහන බලපත්‍ර ලබාගැනීමට 1000 – 2000ත් අතර පිරිසක් පැමිණෙන අතර වසරකට නිකුත් කෙරෙන බලපත්‍ර ප්‍රමාණය ලක්ෂ 10 ඉක්මවන බව වාර්තා වේ.

ප්‍රවාහන බලපත්‍ර නිකුත් කිරීමේ දී සිදුවන අක්‍රමිකතා වැළැක්වීම ද එම වැඩසටහනේ තවත් අරමුණක් අරමුණක් වන අතර ප්‍රවාහන බලපත් නිකුත් කිරීම ප්‍රමාද වුවහොත් රජයේ සංවර්ධන ව්‍යාපෘතිවලට අවශ්‍ය ඛනිජ ද්‍රව්‍ය මෙන්ම මහජනතාව විසින් සිදුකරන ඉදිකිරීම්වලට ද බලපෑමක් එල්ලවිය හැකි බැවින් මාර්ගගත බලපත් නිකුත් කිරීමේ වැඩපිළිවෙල ආරම්භ කළ බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More