දේශීය පුවත්

සැප්තැම්බර් මස 15 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපතිවරයෙකු වන ජේ.ජී.ආර් කරුණාරත්න මහතා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ ලේකම්වරයා ලෙස පත්කර තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටී.

ජේ.ජී.ආර් කරුණාරත්න මහතා ඔස්ට්‍රේලියාවේ නිව්සවුත් වේල්ස් විශ්වවිද්‍යාලයේ වාණිජපති උපාධිය ලබාගෙන ඇති අතර කොළඹ විශ්වවිද්‍යාලයෙන් සිය පළමු උපාධිය ලබාගෙන තිබේ.

එක්සත් රාජධානියේ වරලත් කළමනාකරණ ගණකාධිවරුන්ගේ සංගමයේ ආදී විද්‍යාර්ථියකු මෙනම ශ්‍රී ලංකා සහතිකලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනයේ සහකාර සාමාජිකත්වයද ඒ මහ්තා දරණ බව එම නිවේදනයෙන් කියවේ.

2018 වසරේ නොවැම්බර් මාසයේ සිට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ ලේකම්වරයා ලෙස මෙතෙක් කට්යුතු කරණු ලැබුවේ එහි සහකාර අධිපතිවරියක වන කේ.එම්.ඒ දවුලගල මහත්මියයි.

ඒ අනුව දවුලගල මහත්මිය මුදල් මණ්ඩලයේ ලේකම්වරිය ලෙස මාස 34ක කාලයක් සහ මුදල් මණ්ඩලයේ නියෝජ්‍ය ලේකම් ලෙස මාස 36ක කාලයක් තනතුරු හොබවා තිබේ.

මහ බැංකුව නිකුත් කළ නිවේදනයට අනුව ජ්‍යෙෂ්ඨ නිලධාරින් ඇතුළු සියලු නිලධාරීන්ට පවරන රාජකාරි වගකීම් යන ආදිය කළමනාකාරිත්වයේ සහ මහ බැංකුවේ අභිලාෂ හා අවශ්‍යතාවන්ට අනුව කාලයෙන් කාලයට වෙනස්වේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More