ව්‍යාපාරික පුවත්

ලාංකේය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රයේ ඉතිහාසය අලුත් කරමින් මයික්‍රෝ ඉලෙක්ට්‍රික් ඉන්ටර්නෂනල් සමාගම විසින් ප්‍රථමවරට එකලස් කරන ලද 4G සක්‍රීය ස්මාර්ට් ජංගම දුරකථනයක් නිර්මාණය කෙරේ.

මෙම ජංගම දුරකථනය හයිප්‍රෝ 4G ලෙස නම් කර ඇති අතර 2021 වසරේ දෙසැම්බර් මාසයේදී වැළඳපොළට නිකුත් කිරීමට එම සමාගම සැලසුම් කර ඇත.එම ජංගම දුරකථනය රුපියල් 26,000කට අඩු මුදලකට වෙළඳපොළට නිකුත් කිරීමටද එම සමාගම සැලසුම් කර ඇත.

මයික්‍රෝ ඉලෙක්ට්‍රික් සමාගමේ සභාපති ධම්මික සමරවීර මහතා දුරකථනය සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසා සිටියේ දකුණු කොරියානු සමාගමක් වන ලොඩුල් ඉන්ටර්නැෂනල් සමාගමත් සමග IGV ගිවිසුම මේ වන විටත් අත්සන් කර අවසන් බවත් දුරකථන මාදිලිය සහ අනිකුත් සැලසුම් අවසන් කර ඇති බව ඒ මහතා ප්‍රකාශ කර සිටියේය.

සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වය තෝරා ගැනීමේ විකල්පයන් පරිශීලකයන්ට ලබාදී ඇති අතරම මෙහි සුවිශේෂීත්වය වන්නේ පරිශීලකයන්ට අනුව බෞද්ධ, ක්‍රිස්තියානි, හින්දු සහ මුස්ලිම් යන ආගම්වල ආගමික දේශනා තෝරා ගැනීමේ හැකියාවද ප්‍රථම වරට මෙම ජංගම දුරකථනය ඔස්සේ පරිශීලකයින්ට ලබා දී ඇති වීමයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More