දේශීය පුවත්

ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වූ වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන් පිරිසක් ඊයේ පස්වරුවේ ආරම්භ කළ විරෝධතාව තවමත් ක්‍රියාත්මක යි. බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ, බන්ධනාගාරයේ පිහිටි ගොඩනැගිල්ලක වහළයක් මත නැගී ඔවුන් මෙම විරෝධතාවයේ නිරත වන බවයි.

දීර්ඝකාලීන සිර දඬුවම්වලට නියම වූ දස දෙනෙකු පමණ තමන් නිදහස් කරන ලෙස බලකරමින් මෙම විරෝධතාවට එක් ව සිටින බව ද අදාළ උසස් නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළා.

මේ පිළිබඳව අදහස් දක්වන සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ සංවිධානයේ සුදේශ් නන්දිමාල් මහතා පවසන්නේ අදාළ සිරකරුවන් එහි වහලය මත නැග විරෝධතාවයක් ආරම්භ කරනු ලැබුවේ ආණ්ඩුව දේශපාලන සිරකරුවන් පිරිසක් නිදහස්කිරීමේ සුදානමක් ඇති බවට ලද තොරතුරු මත බවයි.

ඔහු තවදුරටත් ප්‍රකාශ කළේ, දේශපාලන සිරකරුවන් නිදහස්කිරීම වෙනුවට දීර්ඝ කාලයක් සිරගත කර සිටින සාමාන්‍ය සිරකරුවන් නිදහස්කිරීමට ආණ්ඩුව පියවර ගත යුතු බවය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More