දේශීය පුවත්

රුපියල් දස දහස බැගින් බඩු මළු ලබා දෙමින් කොළඹ සිටින දුගී කාන්තාවන්ගේ නමට බැංකු ගිණුම් විවෘත කරදී එම ගිණුම් ඔස්සේ නයිජීරියානුවන් කළ මහා පරිමාණ මුදල් වංචාවක් අනාවරණය වී ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය මෙම ජාවාරම හෙළිකරගෙන තිබේ.

මෙම ගිණුම් ඔස්සේ රුපියල් කෝටි ගණනක මුදලක් වංචා කර ‘බිට් කොයින්’ ඇතුළු ක්‍රම මගින් විදෙස් රටවලට එම මුදල් යවා ඇති බවද හෙළිවී ඇත.

ඇඟලුම් තාක්ෂණවේදිනියක කරන ලද පැමිණිල්ලක් ඔස්සේ විමර්ශන කිරීමේදී මේ බව හෙළිවී තිබේ.

දෙහිවල ප්‍රදේශයේ පදිංචිව සිටින නයිජීරියානුවන් දෙදනෙකු 57 හැවිරිදි මෙම කාන්තාව වට්ස්ඇප් මාර්ගයෙන් හඳුනාගෙන ලන්ඩනයේ සිට මෙරට ව්‍යාපෘතියක් ඇරඹීමට ඇය සම්බන්ධ කරගන්නා බවට පවසා ඇත.

ඉන්පසු ඇයට ලන්ඩනයේ සිට ඩොලර් නෝට්ටු හා ස්වර්ණාභරණ පෙට්ටියක් එවූ බව පවසා එය රේගුවෙන් මුදා ගැනීමට බැංකු ගිණුමකට රුපියල් පන්ලක්ෂ හාරදහසක් බැර කරගෙන තිබේ.

බැංකු ගිණුමට මුදල් දමාගෙන ඇත්තේ කුරියර් සේවාවක නියෝජිතයකු ලෙස පෙනී සිටි අයෙකි.

මෙම මුදල් ගෙව්වද තමාට තෑගි පෙට්ටිය නොලැබීමත් සමග සොයා බැලීමේදී තමා වංචාවකට හසුවී ඇති බව දැනගත් තාක්ෂණවේදිනිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මේ පිළිබඳව පැමිණිලි කර ඇත.

මෙම පැමිණිලිකාරියගේ තොරතුරු ඔස්සේ මුදල් දැමූ බැංකු ගිණුම පරීක්ෂා කිරීමේදී එම ගිණුම කොළඹ 12 පදිංචි ෆාතිමා නමැති කාන්තාවකගේ බව හෙළිවී තිබේ.

ඇය අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී මුස්ලිම් තරුණයකු රුපියල් දස දහසක බඩු මල්ලක්දී තමා ලවා බැංකු ගිණුමක් හා එහි මුදල් ගැනීමට ඩෙබිට් කාඩ්පතක් ලබාගත් බව අනාවරණය වී ඇත.

එම තොරතුරු ඔස්සේ සොයා ගිය විමර්ශන නිලධාරීන් එක් බැංකු පොතකට රුපියල් විසිදහස බැගින් සංවිධානාත්මක තරුණ කණ්ඩායමකට ගෙවා ඇති බවද හෙළිවී තිබේ.

ඇඟලුම් තාක්ෂණවේදිණියගේ මුදල් වංචා කළ නයිජීරියානුවන් දෙදෙනකු මෙම විමර්ශන ඔස්සේ පෙරේදා (18) දෙහිවලදී අත්අඩංගුවට ගෙන ඇත.

එහිදී නයිජීරියානුවන් සන්තකයේ තිබී කොළඹ දුප්පත් කාන්තාවන් රවටා විවෘත කළ බැංකු ගිණුම්වලට අදාළ ඩෙබිට් කාඩ්පත් විසිඑකක් සොයාගෙන ඇත.

ගතවූ මාස දෙක තුළ මෙරට විවිධ ක්ෂේත්‍රවල පුද්ගලයන් රවටා මෙම ගිණුම් විසිඑක මාර්ගයෙන් රුපියල් එක්කෝටි තිස් පන්ලක්ෂයක් විදෙස් රටවලට යවා ඇතැයි අනාවරණය වේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More