දේශීය පුවත්

ඉන්දීයාවේ දුම්රිය තාක්ෂණික සහ ආර්ථික සේවා සමාගම (RITES Ltd) විසින් සපයන ලද දුම්රිය මගී මැදිරි 20ක් පසුගියදා (17) කොළඹ වරායට ළඟා විය.

මෙම මැදිරි තොගය ඇමරිකානු ඩොලර් මිලියන 318ක ඉන්දීය ණය ආධාරයක් යටතේ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට මගී මැදිරි 160ක් සැපයීමට වන ගිවිසුමක කොටසකි.

මෙම ගිවිසුමේ වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 82.6 කි.මෙම මැදිරි තොගයත් සමඟින් මේ වන විට මැදිරි 160න් මැදිරි 60ක් ශ්‍රී ලංකාවට සපයා ඇත.

තවත් මැදිරි 20ක් ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට එවීමට සූදානම් කර ඇත. පළමු මැදිරි තොගය 2021 මාර්තු මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණි අතර ඉන් අනතුරුව අවශ්‍ය පරීක්ෂණ ධාවන කටයුතු ද සිදු කරන ලදී.

මෙයට පෙර RITES Ltd විසින් ඩීසල් බහු ඒකක 6ක් (ගිවිසුම 2019 ඔක්තෝබර් මාසයේදී සම්පූර්ණ කරන ලදී) සහ ඩීසල් ලොකමටිව්ස් රේල්වේස් 10ක් (ගිවිසුම 2020 ජූනි මාසයේදී සම්පූර්ණ කරන ලදී) වෙනත් ණය ආධාරයක් යටතේ ශ්‍රී ලංකාවට ලබා දෙන ලදී.

ශ්‍රී ලංකාවේ සංවර්ධනය සදහා ඉන්දියාව ලබා දී ඇති සහයෝගය ඇමරිකානු ඩොලර් බිලියන 3.5 කට ආසන්නය. මෙයට ණය ආධාර යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘතීන් සහ ප්‍රදාන ඇතුළත් වේ.

ශ්‍රී ලංකා රජයේ සහ ජනතාවගේ ප්‍රමුඛතාවයන් අනුව ශ්‍රී ලංකාවේ දුම්රිය යටිතල පහසුකම් සංවර්ධනය විශේෂ අවධානයක් යොමු වී ඇති ක්ෂේත්‍රයකි

මේ අනුව දුම්රිය මාර්ග ප්‍රතිසංස්කරණය කිරීම (කි.මී. 268ක්), දුම්රිය සංඥා සහ විදුලි සංදේශ පද්ධතීන් ස්ථාපනය කිරීම (කි. මී. 330ක්) සහ වෙරළබඩ දුම්රිය මාර්ගය නවීකරණය කිරීම (කි. මී. 118ක්) යනාදිය සම්පූරණ කර ඇත. තවත් විවිධ ව්‍යාපෘතීන් විවිධ අදියරයන් හි ක්‍රියාත්මක වෙමින් පවතී.

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

Read More